(ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ වායු දුෂණ තත්ත්වය පිළිබඳව දිනපතා ජනතාව දැනුම්වත් කිරිමේ ජංගම රථයක සවිකළ ප්‍රදර්ශන පුවරුවක් නගර ශාලාව පිටත ස්ථාපිත කර ඇතැයි කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා පැවසීය.
කොළඹ නගරයේ වායු ගුණ තත්ත්වය අඛණ්ඩව මැන බැලීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් කොළඹ මහ නගර සභාව අසලදී නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් අද (6) ස්ථාපිත කරනු ලැබීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා කොළඹ මහනගර සභාව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වායු ගුණ අධික්ෂණ යන්ත්‍රය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කෙරේ.
එම යන්ත්‍රය මගින් අද කොළඹ නගරයේ සාමාන්‍ය වායු තත්ත්වය මැන බැලූ බවද ඒ අනුව වායු තත්ත්ව දර්ශකය 55 ක් බවට විශ්ලේෂණ දත්ත වාර්තා මගින් හෙළිවූ බවද කී ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිවරයා කීය.
වාහනවලින් නිකුත් කරන කාබන් මොනොක්සයිඩ් ඩීසල් වාහනවලින් නිකුත් කෙරෙන සල්ෆර් ඩයෝක්සයිඩ් හා ත්‍රිරෝද යතුරුපැදි වලින් නිකුත් කරන හටිඩ්රෝ කාබන්වල ක්ෂුද්‍ර අංශ මැන බලා පරිගනක දත්ත පද්ධතියක් මගින් අදාළ විශ්ලේෂණ වාර්තා නිකුත් කෙරෙන බවද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වායු දූෂණය අවම කිරීමට පියවර ගන්නවා විනා ඕක මැනමැන ඉඳලා කුමන ඵලයක්ද?
මෙයාලගේ මොලය ඕනෑ පරීක්ෂා කරන්න. වායුව නෙවෙයි. වායු දූෂණය වැඩියි කියලා කවුරුත් දන්නවා. ඒක අඩු කරන්න ගත්තු පියවර මොනවද? මේ අය ඕක මැනමැන හිටියට වැඩක් නැහැ. ඉක්මණටම දූෂණය අඩු කිරීමට සියලුදෙනා පියවර ගත යුතුයි.
කුණු ටික හරියට ඉවත් කරගන්න බැරි හරිම අකාර්යක්ෂම නගර සභාවක්... පොලිතින් ගන්න එන්නේ සතියට එක දවසක් විතරයි. ඉඳුල් ගන්නේ සතියට දවස් දෙකක් විතරයි. සල්ලි දුන්නානම් විතරක් අනික් දවස්වලට කුණු ගන්නවා කරත්තයකින් ඇවිත්...
අප සෑම දෙයකම අඩුපාඩු දකිනවා නව මෙමගින් සාමාන්‍ය ජනතාවට ඇතිවෙන යහපත කුමක්ද යන්න දන්නා මහත්ම, මහත්මියකු සිටි නම් අපේ නූගත්කම අපටම මගහරවා ගත හැක. මෙම පතාංක කියවා බැලීමෙන් සාමාන්‍ය ජනතාවට ඒ දූෂණය වූ වාතය යථා තත්වයට සකසා ගත හැකිවේද? ඒ සඳහා මහජනතාව කළයුත්තේ කුමක්ද? නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරන මැයගෙන් මෙම පැනයන් සියල්ලටම පිළිතුරු ලැබෙන්නේ නම් අප එය අගය කරන්නෙමු.
කොළඹ වායු දූෂණය අඩු කරන්න ඕනේ නම් වාහන තදබදය අඩු කරන්න ඕනේ..., එ්ක අඩු කරන්න නම් (1) කොළඹ පොදු ප්‍රවාහන සේවය කාර්යක්ෂම කරන්න ඕනේ... කොළඹ තිබෙන (2) ප්‍රධාන මන්සන්ධි වල ගුවන් පාලම් හදන්න ඕනේ... එතකොට වාහන මංසන්ධි වල හිරවෙන්නේ නැහැ. (3) පිට පළාත්වල ජනතාවට ඔවුන්ගේ කටයුතු එම පළාත්වල රජයේ කාර්යාල වලින්ම ඉක්මණටත්, පහසුවටත් කරගත හැකි ආකාරයට කටයුතු සලසන්න ඕනේ... එතකොට ඔවුන්ට කොළඹ එන්න ඕනේ නැහැ (4) අධිවේගී මාර්ගයේ පිටත වටරවුමේ කොටසේ ගාස්තු අඩුකරන්න ඕනේ එතකොට වාහන ඒවා භාවිතා කරන්න පෙලඹෙන නිසා කොළඹ ඇතුළත වාහන තදබද අනිවාර්යයෙන්ම අඩුවෙනවා. වායු දූෂණ මැනීමෙන් පමණක් පමණක් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ.. උදහරණයක් ගන්නවා නම් ජර්මනියේ කෙනෙකුට පාස්පෝර්ට් එකක් ගන්න ඕනේ නම් ප්‍රධාන නගරය වන බර්ලින් නගරයටම එන්න අවශ්‍ය වන්නේ නැහැ. ලංකාවේ මනුෂ්‍යයින්ට එම අවශ්‍යතාවයන් සතියක් දෙකක් තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉටු කරදෙන්න බැරි මොකද? එක්දින සේවය යටතේ පැය කිහිපයක් තුළ පාස්පෝර්ට් එකක් මුද්‍රණය කරලා දෙන්න පුළුවන් තාක්ෂණය ලංකාවේ තිබෙනවා.