
(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරයට හා තදාසන්න නගරවලට දිනපතා පැමිණෙන වාහන නිසා ඇතිවන නාගරික තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ දායකත්වය ඇතිව මෙම රථගාල් ඉදිකරනු ලැබේ.
ඉන් රථගාල් දෙකක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ද අනෙක් රථගාල් දෙක පෞද්ගලික අශය විසින් ඉදිකෙරෙනු ඇත. කොළඹ ටොලිකොම් ආයතනය ඉදිරිපිට, පැරණි මාළු වෙළඳ පොළ, නාරාහේන්පිට ප්‍රදේශවල මෙම රථගාල් ඉදිකිරිමට නියමිතය.
ඒ අතරින් පෞද්ගලික අංශයේ දායකත්වය යටතේ ඉදිකළ කොළඹ 02, යූනියන් පෙදෙස පොදු රථ ගාල ජනතා අයිතියට පත් කිරීම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණි.
ඇක්සස් ඉංජිනියරින් පුද්ගලික සමාගම විසින් මෙම රථගාල ඉදිකර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 1,400ක් වැය වී ඇත. මෙහි හිමිකාරිත්වය වසර 30න් පසුව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරේ.
මහල් අටකින් සමන්විත මෙම රථගාලේ වාහන 300ක් පමණ ගාල් කිරීමට හැකියාව ඇත. රථගාලේ මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන්නේ පරිගණක ඔස්සේය. නවතා තබනු ලබන සියළුම වාහනවල සම්පූර්ණ ආරක්ෂාව මෙහි සපයා ඇත. ඒ අනුව මාසිකව ලැබෙන ආදායමෙන් 20%ක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ලබා දීමට ගිවිසුම් ගතව ඇත.

2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ නගරයේ බහු මහල් රථගාල් හතරක්
කිරිපුතා Wednesday, 26 April 2023 01:07 PM
කොළඹට අත්‍යාවශ්‍යව තිබුණු දෙයක්...
දාස Wednesday, 26 April 2023 01:36 PM
කෙරෙනකන් මේවා විශ්වාස නෑ. මේ රටේ හැටි එහෙමයි. සැහැල්ලු දුම්රියට වෙච්චි දේ අපි දැක්කා. ඒ වගේමයි නුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පල, අද කඩ ඔක්කොම ඉවත්කරලා වටේට තහඩු ගහලා දැන් අවුරුදු 4 කට වැඩියි.. බස් ටවුමේ තැන තැන නවත්වන්නේ. මේ රට හදන්න මේ පවතින සිස්ටම් එක වෙනස් විය යුතුයි. මේ රට හැම දෙයකම තීරකයා දූෂිත දේශපාලකයා...
uddika Wednesday, 26 April 2023 02:09 PM
දැරිය හැකි මිලකට පහසුකම් දෙන්න...