(නිමන්ති රණසිංහ)
දෙමටගොඩ පිහිටි තෙල් සංස්ථා පරිශ්රයට අයුතු ලෙස ඇතුළු වී අයුතු ජන රාශියක සාමාජිකයකු වී කලබලයක් ඇති කළැයි කොළඹ නාගරික මන්ත්රීවරයකු වන කුලතිස්ස ගීගනගේ මහතා ලබන 11 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (7) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළව සැකකරු සමඟ එම පරිශ්රයට ඇතුළු වී කළහකාරි ලෙස හැසිරුණු අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්රාත්වරිය නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පක්ෂයක ගොට්ටෙක්ද මහජන දේපොළ විනාශ කලේ නම් කරන්නේ නම් සදහටම ඇතුළට දැමීම කිසිඳු වරදක් නැත. පිනක් මිස කිසිදු පවක් නොමැත.
නියමයි...
බොහොම හොඳ නියෝගයක්... මොකද කුමන පක්ෂයක් බලයේ සිටියද ජනතාවට නීතිය අතට ගෙන ක්රියා කිරීමට නොහැකි බව කියාදීම ඉතා කාලෝචිතයි. දේශපාලකයන් කුමක් කීවද ඒවා නොකර සිටීමට ජනතාවට හැකියාව ඇත. අවසානයේ මියගිය අයගේ දූදරුවන්ට සිදුවූ අසාධාරණයට කිසිවකු නැත. (මම කිසිවිටක අර්ජුන හෝ අනෙකුත් පක්ෂ නිවැරදියි නොසිතමි). සියලු පක්ෂ බලයට ඇති කෑදරකමට ජනතාව මුලකිරිම පමණක් සිදුකරයි.
එතකොට හොර, වංචා දුෂයණ කරපු ෆයිල්, ගෙනියන්න ආව එකට මොකද කරන්නේ .