
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන් යැයි පවසා නිවසක සිටි සහෝදරයන් දෙදෙනකුට අත් විලංගු දමා ජීප් රථයකින් පැහැරගෙන ගොස් එක අයකු දණගස්වා වෙඩි තබා අනෙක් අයට තුවාල සිදුකර ජීප් රථයෙන් පලා යාමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි
එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ ජංගම දුරකථන දෙකක් සමඟ කිරිබත්ගොඩ ප්‍රදේශයේදීය
පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි
අත්අඩංගුවට ගත් එම සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනූජ සම්පත් නොහොත් හෝමාගම හඳයා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd