(අංජුල මහික වීරරත්න)
බෝංචි කරලක් රුපියල් 15 ටත්, කැරට් අලයක් රුපියල් 25 ටත්, කොස් මදුලක් රුපියල් 10 ටත් මිලදී ගන්නා තත්ත්වයක් ආණ්ඩුව විසින් රටේ නිර්මාණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (12) ප්‍රකාශ කළේය.
එළවළු වර්ගයක් ග්‍රෑම් 250 ක් මිළදී ගන්නා වෙළෙද සංස්කෘතිය ද අවසන් කළ වත්මන් රජය මේ වන විට කරල් කිහිපයක්, අල කිහිපයක්, මදුළු කිහිපයක් මිලදී ගන්නා නව වෙළෙඳ සංස්කෘතියක් "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්තියෙන් නිර්මාණය කර ඇතැයි ද විජයවර්ධන මහතා සදහන් කළේය.
"මාළු, කරවල, මස් වර්ග ගැන කතා කරලා වැඩක් නෑ. ඉතිං කොහොමද ජනතාව ජීවත් වෙන්නේ. මැති ඇමතිවරුන්ට නම් මේ ගැන ගාණක්වත් නෑ. මොකද ඔවුන්ට අවශ්‍ය කෑම බීම ලැබෙනවා. පාන් ගෙඩිය රුපියල් 80 යි.
බත් පාර්සලයක් රුපියල් 200 යි. ප්ලේන්ටියක් රුපියල් 25 යි. බොහෝ ආපන ශාලාවල කිරි තේ විකුණන්නේ නෑ. අතීතයේදි අඩුවටම කන්න තිබුණ දෙයක් තමයි තෝසේ සහ වඩේ කියන්නේ. අද තෝසයක් රුපියල් 75 ක් වෙනවා. වඩයක් රුපියල් 80 ක් වෙනවා.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවැති සමයේ මිනිස්සු තුන් වේලට කාලා ඇදලා හිටියා. මිනිස්සුන්ගේ අතේ මුදල් තිබුණා.අපේ කාලේකා, බී සතුටින් සිටි ජනතාව ඊටත් වඩා සෞභාග්‍යක් උදාකරගන්න ගොස් දැන් අමාරුවේ වැටිලා සිටිනවා"යනුවෙන් ද පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින් රුවන් විජයවර්ධන මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එළවළු මිල අධිකයි. බොරු ප්‍රතිරූපයක් දීලා ගෝඨාභයව බලයට ගෙනාවා. මේ මෝඩ වැඩවලින් කන්නත් නෑ.
කාගේ කාගේවත් දේශපාලනය කථාකරලා ජනතාවට වැඩක් නැහැ. දේශපාලකයින් කවුරුත් කරන්නේ විරුද්ධ පක්ෂයේ ඉඳන් ජනතාවගේ ගැටලු රස විඳින එක. හැමඑකාම විරුද්ධ පක්ෂයේ ඉන්න කොට කරන්නේ ඔය සෙල්ලම තමයි. මහජන බදුමුදල් හොරකම් කරන අයටත්, අසාධාරණ විදියට ජීවත් වෙන අයටත් ඕවා ප්‍රශ්න නොවෙයි. නිතරම ගැටලු ඇතිවෙන්නේ මේ රටේ නීති ගරුකව ජීවත් වෙන්න උත්සාහ කරන උදවියටයි. මහ එවුන් කාටවත් බඩු මිල ප්‍රශ්නයක් නැහැ. ඔවුන් විතරක් නොවෙයි, ඔවුන්ගේ අම්මලා අප්පලා හොරකම් කරපුවත් ඔවුන්ට තියෙනවා. ඒ නිසා හැකි ඉක්මණින්ම බඩු මිල අඩුකරපල්ලා. ජනතාවගේ සැබෑ ගැටලු එක්ක සෙල්ලම් කරන්න එපා. බෝංචි කරල රුපියල් 100ට ගියත්, මාලු මිරිස් කරල රුපියල් 150 ට ගියත්, හාල් කිලෝ්එක රුපියල් 1000ට ගියත් දේශපාලකයින්ට කන්න පුළුවන්. මොකක් හරි කමිටුවක් පත්කරලා බඩු මිල අඩුකරලා අඩුමතරමින් මිනිස්සුන්ට කන්න දිපල්ලා. අපේ ගමේ නම් දේශපාලකයින් කියන්නේ කිසිම ලැජ්ජාවත්, බයක් නැති පට්ට හොරු ටිකක්. නැහැ කියලා හිතෙනවා නම් මා මුණගැහෙන්න. එතකොට මම කියලා දෙන්නම් කාගෙ කාගෙත් පැටිකිටිය. මහ ඇමතියගේ සිට නාගරික මන්ත්‍රී දක්වාම හොරු... ඉතිං ආහාර මිල ඔවුන්ට ගැටලුවක් නැහැ...
බත්පතේ ඡන්ද ව්‍යාපාරය කවදාවත් නිමා නොවේ...
ඉන්න, හිටින්න රටක් තියෙනවනේ... වහල්ලුන්ට ඕක ඇති...
කොස් මදුල 10 ට ගියාම දුකයි.. පිටරටින් ගේන දෙයක් ගණන් ගියාම... සතුටුයිද?
සියලු සත්වයෝම ආහාරයෙන් යැපෙනවා කියා බුදුහිමියන් වදාලේ ආහාරයේ වටිනාකම කියලා දීමටයි. එය නොතේරෙන මොට්ටයින් වගාවට විවිධාකාර බාධක යොදනවා. ඇත්තටම මෙතුමා කියනවට වඩා තෝසේ එකක් රුපියල් පහක් වැඩියි. ඉඳිආප්ප 10ක් රුපියල් අසූවකි. ඒකත් සූර්යග්‍රහණයක් වෙලාවේ එය බැලීමට එක ඇසකට තියාගන්න ඇති...
ඉස්සර කොස් විකුණන්න අවශ්‍ය නැහැ. ගෙවල්වලට ගියාම ඕනෑතරම් ගෙනියනවා.. ගෙනියන්න දෙනවා. රට පාලනය කරපු තමන්ගේ පරම්පරාවම මේවාට වගකිවයුතුයි නේද?. මේ රට කෘෂිකර්මාන්තයට සුදුසු රටක් වුණාට විවෘත ආර්ථිකය හඳුන්වා දීලා රට විදේශිකයන්ට බදු දුන්නා. කව්ද අපිද මේවා කලේ?.
කොස් මදුල ගැන කියවන්නේ කොස් කාලා තියෙනවද දන්නෑ මෙයා...?
කොස්කොළ, ක්‍රෝටන් කොළ දැන් කීයද දන්නේ නැහැ..
කොස් මදුල විකුනන්නේ ආණ්ඩුවද? ඒ සල්ලි යන්නේ ආණ්ඩුවටද ගමේ මිනිහාටද? ගමේ මිනිහාගේ ආදායම වැඩි කිරීම සෞභාග්‍යයේ දැක්මේ කොටසක්.