(යොහාන් භාසුර)
කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය මත පමණක් අවසර ලැබෙන බව ආනයන හා අපනයන පාලක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම තහනම් කිරීමට රජය තීරණ කිරීමත් සමඟ රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට නිකුත් කර තිබූ සියලුම බලපත්‍ර අවලංගු විය.
කෘෂි රසායනික ද්‍රව්‍ය සම්පූර්ණයෙම් තහනම් කළ ද කෘෂිකාර්මික නොවන කර්මාන්ත සඳහා රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි යටතේ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ.
මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 6 වැනිදා 2226/48 දරන ගැසට් පත්‍රයෙන් මේ සම්බන්ධව නිවේදනය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන් හිටියේ පොහොර පාවිච්චි කරන්නේ කෘෂිකාර්මික දේවල් වලට කියල. පොහොර භාවිතා කරන කෘෂිකාර්මික නොවන අනෙකුත් දේ මොනවද?
එතකොට ගොවීන්ට මොකද වෙන්නේ
මෙ වගේ බූරු ආණ්ඩුවක් මෙ මිහිපිට ඉන්නවා නම් කරුණාකරලා අටපට්ටමට කියන්න හොදේ...
කෘෂිකාර්මික නොවනදේට රසායනික පොහොර ගේනවා කියන්නෙ මම හිතන්නෙ නාන කොට ඇගෙ ගාන්න වෙන්න ඇති
කෘෂිකාර්මික නොවන කර්මාන්ත කියන්නේ ගඩොල්, වඩු, ඇගළුම් වගේ කර්මාන්ත වලට පාවිච්චි කරන්න වෙන්න ඇති රසායනික පෝර ගේන්න අවසර ඇත්තේ.
කෘෂිකාර්මික දේට මිස බොන්නද ගේන්නෙ පොහොර. මේව දැකල ඉස්මුරැත්ත හැදෙනවා
"රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල්නාශක ආනයනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට" ගැසට් එකක් ගහල මාධ්‍ය සංදර්ශනයක් තියල ආපහු හැරෙන්නත් කලින් තව එක්කෙනෙක් "රසායනික ද්‍රව්‍ය ආනයනය කිරීමට විශේෂ ආනයන බලපත්‍ර රෙගුලාසි යටතේ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට" තව ගැසට් පත්‍රයක් ගහනවා. සමහරවිට අර "වනිකරයේ කට්ට කාගෙන වී බුසලක් දෙකක් වවාගෙන බඩ වියත රැකගන්න දඟලන ගමේ ගොවියා වගේද අපි නොමිලයේ දුන්න අක්කර 5000 ක කෙසෙල් වගා කරල රට සෞභාග්‍යය කරා කරේ තියාගෙන යන ජාත්‍යන්තර මහා පරිමානයේ ආයෝජිකයෝ " කියල හිතුවද දන්නේ නෑ .
රසායනික පොහොර යොදන කෘෂිකාර්මික නොවන දේ මොනවාද?