විනීතා එම් ගමගේ
ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට වසර පහක් සඳහා වීසා ලබාදීමට ඊශ්‍රායල බලධාරීන් එකඟත්වය පළ කර ඇත.
මෙතෙක් ඊශ්‍රායල් රැකියා සඳහා වීසා හිමි වූයේ මාස හයක කාලයක් සඳහා පමණි.
විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඊශ්‍රායලයේ නිල සංචාරයක නිරත නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්කාර මහතා ඇතුළු දූත කණ්ඩායම ඊශ්‍රායලයේ විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රධානීන් සහ ජනගහන, ආගමන හා දේශසීමා පාලන අධිකාරියේ (ෆීබා) ප්‍රධානීන් සමග පැවැත්වූ සාකච්ඡාවල දී මෙම එකගතාවයන් ඇති කරගෙන තිබේ.
ජාත්‍යන්තර සංක්රමණිකයින්ගේ ආයතනයේ මැදිහත්වීම මත අත්සන් කරන ගිවිසුමකින් පසුව කෘෂි කෂේත්රයේ රැකියා සඳහා වසර පහක වීසා බලපත්‍ර ලබාදීමට කටයුතු කරන බවද ඊශ්‍රායල බලධාරීන් නියෝජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි කාර්යංශයේ නිලදාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කෘෂිකාර්මික ක්ෂේත්රයේ තාවකාලික රැකියා සඳහා පිටත් කර යැවූ ශ්‍රී ලාංකිකයින් 500 දෙනාගේ කණ්ඩායමෙන් සැලකිය යුතු පිරිසක් නියමිත වීසා කාලය ඉක්මවීමෙන් පසුව නැවත ලංකාවට පිටත්ව ගොස් නැති බව ඊශ්‍රායල බලධාරීන් පෙන්වා දෙන ලදී. එම නිසා එම ප්‍රමාණය නව රැකියා කෝටාවෙන් අඩුවන බවද ඊශ්‍රායල බලධාරීන් පවසා ඇතැයි හෙතෙම ස`දහන් කළේය.
නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව පෙරලා ලංකාවට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා නැවත කෘෂි කෂෙත්රයේම රැකියා අවස්ථා ලබාදෙන බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කර තිබෙන බවද ඔහු කීය.
මෙම සාකච්ඡා සඳහා ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති පෙරියසාමි පිල්ලේ සෙල්වරාජ්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මංගල රන්දෙනිය , තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ උපදේශක විජේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කරලා තියෙන්නේ මහා වික්‍රමයක් අපේ කට්ටිය ගිහින්. ගොවියෝ ටිකත් දැන් රට පටවන්න පුළුවන්. ලංකාව කෘෂිකාර්මික රටක් කියලා මෙයාල දන්නේ නැතුව ඇති. එළවලු ටිකත් රටින්ම ගෙන්න පුළුවන්නේ එතකොට ගොවියෝ රට ඇරියම. මේක නොවෙයිද වෙන්න ඕන. එහෙ හම්බවෙන පඩියට සමාන මුදලක් ඔවුන්ට ලැබෙන්න මෙහෙ කෘෂිකර්මය දියුණු කරන එක නේද?
ඊස්රායලය කියන්නේ මාරු කතරෙත් හරිතාගාර තුළ නොකඩවා වගාව කරගෙන යන කෘෂි සහ නවීන වාරිමාර්ග ක්‍රමවලින් කෙලපැමිනි රටක්... මෙවැනි රටකට අපේ ශ්‍රමිකයින් වැවීමට ලැබීම වාසනාවක්.... නමුත් මේ විදියට හිටියොත් අද මැදපෙරදිග දකිනවා මෙන් අපට සිදුවන්නේ කම්කරු රැකියාවලට පමණක් ශ්‍රමිකයින් යවමින් වඩාත් තාක්ෂණික වූ රැකියාවලට ඉන්දියාව, පිලිපීනය හෝ වෙනත් රටවල් ශ්‍රමිකයන් ලබාදෙනු බලාසිටීමටයි. දැන්වත් වහවහා මේ නවීන තාක්ෂණික පාඨමාලා හෝ පුහුණු පාඨමාලා අරඹා හෙට දිනයේවත් වැඩි මිලකට ඉහළ රැකියාවලට අපේ ශ්‍රමිකයන් යැවීමට අර තිබෙනවා යයි කියන්නා වූ "දුරදක්නා නුවණින්" කටයුතු කළොත් මෙම අවස්ථාවෙන් රටට වැඩක් වනු නොඅනුමානයි...
වතුර නැති මහා කාන්තාරයක තියෙන ඊශ්‍රායලයට ලංකාවේ ශ්‍රමය යවනවා කෘෂිකර්ම වැඩ වලට. යල මහා දෙකම වවන්න පුළුවන් , වැව් පිරුණ ලංකාවේ කිසිදෙයක් වවන්නේ නැතුව අපේ මිනිස්සු පටවනවා එහේ කාන්තාරේ වවන්න. ඒවා බැරිය පස්සේ අපිට කන්න ගෙන්න එයාලට ගෙවල ඔන්න අපේ සැලසුම් .. ආර්ථික සැලසුම් .''. අපි වවනදේ තම ඉතින් අපිට නෙලා ගන්න වෙන්නේ..''
අනේ මන්දා සල්ලි නිසා අපේ රටේ ශ්‍රමය පිට පටනවන හැටි.
ඊශ්‍රායලයට විරුද්ධව ලංකාව ඡන්දය දීලත් ඊශ්‍රායලයෙන් මෙවැනි වරප්රසාදයන් භාරගන්න ලජ්ජාවක් නැද්ද ?
මටත් යන්න අවස්ථාවක් සලසා දෙන්න.