(නිමන්ති රණසිංහ)

කොරෝනා මර්දන කොවිෂීල්ඞ් එන්නතේ දෙවන මාත‍්‍රාව පුද්ගලයන් 96,546කට එන්නත් කර ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

කොවිෂීල්ඞ් එන්නතේ පළමු මාත‍්‍රාව ලබාගත් සංඛ්‍යාව 925,242ක් වන බව ද එම ඒකකය පවසයි.

එසේම, මේ වන විට එන්නත්කරණය කරනු ලබන සයිනොෆාම් එන්නතේ පළමු මාත‍්‍රාව 6,034 දෙනකුට ලබාදී ඇති අතර එහි දෙවන මාත‍්‍රාව 2435 දෙනකු ලබා දී ඇතැයි ද සදහන් වෙයි.

ස්පුට්නික් එන්නතේ පළමු මාත‍්‍රාව 4, 381 දෙනකුට ලබාදී ඇති අතර ඊයේ (10* පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලයේදී එහි පළමු මාත‍්‍රාව ලබාදුන් සංඛ්‍යාව 1,385ක් බවද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.