
(එච්. චන්දන)
කල්පිටිය - පල්ලිවාසල්තුරේ වේල්ලන්කර ප්‍රදේශයේ ගෙන්ගේ නොහොත් අල්ලිරාණි ආශ්‍රිතව කිසිදු අවසරයක් නොමැතිව ඉඩම් ඩෝසර් කිරීම වහාම නවතා දමා ඇතැයි කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් මධුෂිකා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
කුවේනිගේ නැගණියක් වාසය කළ බව කියන මාළිගාව පිහිටා තිබූ බවට සැලකෙන මෙම භූමිය පුරා විද්‍යා වටිනාකමකින් යුත්ත අල්ලිරාණි බිම් ප්‍රදේශයට ඉතාම ආසන්නයේ පිහිටා තිබේ. මෙම ඉඩම ඩෝසර් කිරීම පිළිබදව ලැබුණු තොරතුරුක් මත එම ප්‍රදේශය පරීක්ෂා කර බලා එය නවතා දැමු බවද ප්‍රාාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.
එය ඩෝසර් කරමින් සිටි බැකෝ යන්ත්‍රෙය් රියදුරු හා එම ඉඩම ඩෝසර් කිරීමට අනුබල දුන් අසල ඉඩමේ භාරකරු පිළිබඳව කල්පිටිය පොලීසයට පැමිණිලි කර තිබේ.
විවිධ පුද්ගලයින් නොයෙක් අවස්ථාවල විවිධ ලිපි කූට ලේඛන සකස් කරමින් පුරා විද්‍යා වටිනාකමකින් යුත් මෙම ස්ථාන වගා කිරීම් මුවාවෙන් විනාශ කිරීමට උත්සහා දැරීම් වාර්තා වී ඇති බවද කල්පිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් වරිය වැඩි දුරටත් සදහන් කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාංතං කුවේණිගේ ඉඩම බේරුණා!
පුරාවිද්‍යා මොකටද අනේ. මේවා දියුණුවට බාධා
ඔහොම්මම පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවත් ඩෝසර් කරලා දැම්ම නම් හරි. මොකද කිසිම රාජ්‍ය ආයතනයක්වත් හරියට වැඩකරන්නේ නෑ. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරනවා මේ ගොල්ලෝ දන්නේ නෑ. මහා ලොකුවට අත්‍යාවශ්‍ය බඩු කියල මිල අඩුකරලා ගැසට් ගහනවා. ඊට පස්සේ ඒ බඩු හොයාගන්නවත් නෑ. හැබැයි ගැසට් එක අයින් වුණාම බඩු තියෙනවා. ඔයිට වැඩිය හොදයි ඕවා වහල දාලා ඒ සල්ලි වලින් නොමිලේ නීති සහය දෙන දෙපාර්තමෙන්තුවක් වගේ එකක් දැම්ම නම්. එතකොට කාටහරි ප්‍රශ්නයක් තියෙනව නම් නඩුවක් දාලා ප්‍රශ්නේ විසදගනියි. නිකන් මහජන මුදල් කාබාසිනියා කරන්නේ නැතිව...