(නිමල කොඩිතුවක්කු)
කොවීඩ් වසංගතයෙන් රට බේරා ගැනීම සඳහා සියලු පක්ෂ සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික සමුලුවක් කැඳවන්නයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළහ.
සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සමගි ජන බලවේගය වන කබීර් හෂීම්, තලතා අතුකෝරල, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න යන මහත්ම මහත්මීහු ඉහත ඉල්ලීම කරනු ලැබූහ.
කොරෝනා වසංගතය ජාතික ප්‍රශ්නයක් බැවින් එය දේශපාලන ප්‍රශ්නයක් කර නොගෙන රටම එකතු වී එම ව්‍යසනයට මුහුණ දිය හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නානට දැන්ද මතක්වුනේ මේක දේශපාලන ප්‍රශ්නයක් කරගන්න එපා කියල...අපි මිට පෙර "මිහරකුන් 225 ම" ඔය කතාවම කිව්වා නේද හරකුනේ........තොපේ ඔය කාලකන්නි බල අරගලය පැත්තකට දමා මේ අවස්ථාවේ වඩ කරපියව් කියා.....
දැන්ද හිතුනේ එකතු වෙන්න. භූමදානය ද ආදාහනය ද කියලා බහු බූත ප්‍රශ්ණ ඇදගෙන නටන කොට හිතුනේ නැද්ද එකතුවෙන්න.