IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


කෝවිඩ් තුරන් කිරීමට සරසවි ආචාර්යවරුන්ගෙන් කෝටියක වෛද්‍ය උපකරණ

ප්‍රින්ස් රත්නායක

කෝවිඩ් 19 වසන්ගතය ශ්‍රී ලංකාවෙන් තුරන්කිරීමේ ප්‍රයත්නයට දායක වෙමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මගින් රුපියල් එක් කෝටි විසි ලක්ෂයක වෛද්‍ය උපකරණ ලබාදීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේදී  සිදුකරනු ලැබීය.

මෙම ප්‍රදානය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත පිරිනැමුණු අතර දැඩිසත්කාර ඒකක ඇඳන් 54 ක් පී.පීඊ. ( සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල) පන්දහසක් ඇතුලු වෛද්‍ය උපකරණ ඊට ඇතුළත්ව තිබේ.

ජාතික විශ්වවිද්‍යලයන්හි ආචාර්යවරු මෙම පිරිනැමීමට එක්ව ඇති අතර එම ආචාර්ය සංගමය නියෝජනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශ්‍යාම බන්නැහැක , සංගමයේ භාණ්ඩාගාරික පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය භරණ ජයවර්ධන, උප සභාපති ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමන් යාපා, හිටපු සභාපති විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු සහ යන මහත්වරුන් මේ සඳහා එක්වූහ.



අදහස් (4)

කෝවිඩ් තුරන් කිරීමට සරසවි ආචාර්යවරුන්ගෙන් කෝටියක වෛද්‍ය උපකරණ

Aris Wednesday, 29 April 2020 08:30 AM

දැන් මාසෙකට විතර කලින් මම දැක්ක මේ පත්තරේම තියනවා කොරෝනා රෝගයට බෙහෙත් සොයා ගත්ත ආචාර්යවරු දෙදෙනෙක් සහ ආචාර්ය වරියක් ගැන. ඊට පස්සේ ඒ ගැන කිසිම තොරතුරක් නැහැ. ඒ ගැන දැනගන්න මම කැමැතියි.

:       0       16

Samitha Senaka Aluthgamage.Wednesday, 29 April 2020 09:02 AM

ජපුර ව/පීඨයේ විද්වතුන් කණ්ඩායමක් මෙම වයිරසයේ ප්‍රභේද හතරක් තිබෙන බව සොයා ගත්තා.තවදුරටත් පර්යේෂණ කොට ප්‍රතිඵලය ගැන දැනගන්නට ලැබේවි.එන්නතක් හෝ බෙහෙතක් සොයා ගන්නට වාසනාව ලැබේවා !!!

:       0       32

ArisWednesday, 29 April 2020 10:34 AM

සමිතා, ඔබ කියන දේත් මම දැක්කා. ඒ ගැන නෙවෙයි මම ඇහුවේ. ඊට කලින් සොයා ගත්තා කියූ බෙහෙතට මොකොද වුනේ? ඔවුන් කියල තිබුණා දින කිහිපයකින් පබ්ලික් කරනවා. චීන රජය කැමතිනම් එහේ රෝගීන්ටත් ප‍්‍රතිකාර කරන්න සුදානම් කියලා.

:       0       0

ආචාර්ය එස්. කේ. ඉලංගරත්න Wednesday, 29 April 2020 01:12 PM

විශ්ව විද්‍යාලයීය අචාර්ය සංගමය විශ්ව විද්‍යාල පුස්තකාලයාධිකාරී, ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිකාරී හා සහකාර පුස්තකාලයාධිකාරී යන වෘත්තිකයන්ගේ සාමාජිකත්වයෙන් ද සමන්විත වේ. එබැවින් ඉහත පරිත්‍යාගය සඳහා ඔවුන්ගේ ද සෘජු දායකත්වය ලැබී ඇත. එය මෙම අවස්ථාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සදහා විශ්වවිද්‍යාලය පුස්තකාලයාධිකාරී වෘත්තීකයන් ද සෘජුව මැදිහත්වීම කියාපෑමට හොද උදාහරණයකි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31631 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site