(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන කාඩ්පත ළඟ තබා ගැනීම අනිවාර්ය කිරීම කෙරෙහි කොවිඩ් මර්දන කමිටුවේ ඉහළ අවධානය යොමු වී ඇත.
විශේෂයෙන් රජයේ ආයතනවලට සහ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළුවීමේදී එම කාඩ්පත ළග තිබීම අනිවාර්ය කිරීම ඉතා වැදගත් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඇතුළු විවිධ විවිධ පාර්ශ්ව දැනටමත් රජයට කරුණු පෙන්වා දී ඇත.
කොවිඩ් කමිටු රැස්වීමේදීද ඊයේ (30) මේ ගැන සාකච්ඡා වී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේ කොවිඩ් මර්දනය සඳහා ඉදිරියේදී තවත් රෙගුලාසි හඳුන්වා දීමට සිදුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට මොකක් හරි ඩිජිටල් විදිහක් හදලා දෙන්නද?
මාගලක් වගේ මේ කාර්ඩ එක අරගෙන යන්න තවත් බෑග් එකක් ගන්න වෙනවා. පුලුවන් නම් හැදුනුම්පතේ ප්‍රමාණයට නව පතක් ලබා දෙන්න.
මට නම් තවම එක එන්නතක් වත් විදලා නෑ .හොර සහතිකයක් ලබා ගන්න විදිහක් දන්න කෙනෙක් ඉනනවානම් කොමෙන්ටුවක් ගහන්නකෝ කරුණා කරලා
එන්නත ගැනීම මේ වෙලාවේ හොඳම දේ කියලා පිළිගන්නවා. ඒත් කුමන හෝ හේතුවකට එන්නත ප්‍රතික්ෂේප කරන අය ඉන්නවා. නමුත්, කාටවත් ඒ අයට එන්නත ගන්න කියලා අනිවාර්ය කරන්න බෑ. ඒක නීති විරෝධියි. ඒ වගේම එන්නත ගත්තේ නෑ කියලා විවිධ නීති පණවන්නත් බෑ. ඔවුන්ගේ සමාජ වරප්‍රසාදවලට බාධා කරන්න බෑ...
කොරෝනා ගෙනාවේ කඩාවැටුණු පිටරටවල් ගොඩගන්න ගහපු මයින්ඩ් ප්ලැන් එකක්.අපි මොකටද හැඳුනුම්පත් කාර්ඩ් හදන්නේ කොරෝනා වලට ?ඕක ගැහුවත් මැරෙනවා .නොගැහුවත් මැරෙනවා .ගැහුවත් හැදෙනවා නොගැහුවත් හැදෙනවා .මැරෙනකම් සෙම හැදෙනවා
හැඳුනුම් පත්, ගුවන් ගමන් බලපත්, උප්පැන්න සහතික හොරට ගහන රටේ මේ කඩේක රුපියල් සියයටත් අඩුවෙන් ගහලා දෙයි.
බලෙන් ඒන්නත් කිරීම හෙලා දකිනවා