(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය කන්දකුලීය ඊච්චංකාඩුව කළපු පතුලේ තිබී තුවක්කු පතුරම් 53 ක් , අද දින (2 ) මධ්‍යනයේ සොයා ගෙන ඇතැයි, කල්පිටිය පොලිසිය පවසයි.

කළපුවේ මට්ටි නැමැති මුහුදු බෙල්ලන් ඇල්ලීමේ නිරතව සිටි ධීවර පිරිසකට මෙසේ පතොරොම් තොගය හමු වී ඇත.

මේ පිළිබදව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික එදිරිසූරිය මහතාගෙන කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ, කල්පිටිය විජය නාවුක හමුදා නිළධාරීන් විසින් එවැනි පතුරම් කොපු තවත් ඇත්දැයි සොයා කළපුවේ මෙහෙයුමක් දියත් කොට ඇති බව ය.