(යොහාන් භාසුර)
කොළඹ ඉදිකළ නව කැලණි පාලමෙන් ‘කල්‍යාණී රන් පිවිසුම’ කොළඹට ඇතුල් වන ආකාරය සහ කොළඹින් පිටවන ආකාරය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරිය සැළස්මක් ඉදිරිපත්කර තිබේ.
ඒ අනුව කොළඹ - කටුනායක (ඊ3) අධිවේගී මාර්ග ඔස්සේ කොළඹට ඇතුළු වන රථ වාහන ඔරුගොඩවත්ත නව අධිවේගී මාර්ග පිටවුමෙන් බොරැල්ල, කොටුව, අවිස්සාවේල්ල සහ ග්‍රෑන්ඩ්පාස් දෙසට ද, කොළඹට ඇතුළු වන රථ වාහන වාරාය පිවිසුම් මාර්ගයේ ඇති නව අධිවේගී මාර්ග පිටවුමෙන් ආමර් වීදිය දෙසට පංචිකාවත්ත සහ මරදාන දෙසට ද, ධාවනය කළ හැකිය.
සිරිමාවෝ බණ්ඩාරනායක මාවත ඔස්සේ කෙළඹින් පිටවන රථ වාහන වරාය පිවිසුම් මාර්ගයේ නව අධිවේගී මාර්ග පිවිසුමෙන් කොළඹ - කටුනායක (ඊ3) අධිවේගී මාර්ගයෙන් වත්තල, මහනුවර සහ අවිස්සාවේල්ල දෙසට ධාවනය කළ හැකිය.
බේස්ලයින් මාර්ග ඔස්සේ කොළඹින් පිටවන රථ වාහන ඔරුගොඩවත්ත මංසන්ධියේ නව අධිවේගී මාර්ග පිවිසුමෙන් කොළඹ - කටුනායක (ඊ3) අධිවේගී මාර්ගයෙන් මහනුවර, වත්තල සහ වරාය දෙසට ධාවනය කිරීමට අවස්ථාව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd