(සුමිත් ප්‍රේමතිලක )

කළුතර දකුණ පොලිස් වසමේ, පලාතොට, තේක්කවත්ත,   ප්‍රදේශයේ අද(01) ගෑස් පිපිරීමක් සිදුව ඇතැයි  කළුතර දකුණ පොලිසිය කියයි.

පුපුරණ මොහොතේ ගෑස් ලිපේ බතල තැම්බෙමින් තිබී ඇති අතර,  විශාල පිපිරුම් හඬක් සමගින් ගෑස් ලිප පුපුරා ගොස් ඇතැයි නිවෙස් හිමියෝ පවසති.

කළුතර පොලිස්  කොට්ඨාස අපරාධ නිරීක්ෂණ නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීය. ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, ගෑස් ලිපට හානි සිදුව තිබේ .

පිපිරීම සිදුවන අවස්ථාවේ ලිපේ තැම්බෙමින් තිබූ බතල කෑලි ඉහළ බිත්තියට විසිවී තිබූ බව දැකගැනීමට හැකි විය.

පසුගිය ඉරිදා දින  කළුතර දකුණ අල්විස්වත්ත ප්‍රදේශයේ  ගෑස් අලෙවි නියෝජිත වෙතින්  ගෑස් සිලින්ඩරය මිලදී මිලදීගෙන ඇතැයි දිග හිමියන් පවසති.

කළුතර දකුණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.