(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)

කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුළු අත්අඩංගුවට ගෙන සිටින සිසුන් වහා නිදහස් කරන ලෙස ඉල්ලමින් එම විශ්ව විද්‍යාල සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.

සිසුන් විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර වන ලෙස විරෝධතාවයේ යෙදී සිටියදී එය විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කළ අතර, ඉන්පසුත් සිසුහු මාර්ගය අසල සටන්පාඨ කියමින් විරෝධතා‍වයේ නිරත වූහ.