(ඩයනා උදයංගනී සහ ලසන්ත නිරෝෂණ පෙරේරා)
රත්නපුර, රක්වාන ප්‍රදේශයෙන් කිලෝ 80 ක් පමණ බරැති නිල් මැණික් පොකුරක් හමුවී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන අර්ල් ගුණසේකර මහතාට අයත් බලපත්‍රලාභී පතලකින් මීට දෙවසරකට පමණ ඉහතදී හමුවී ඇති මෙම මැණික් ගල් පොකුර චීනයේ පැවැත්වෙන වෙන්දේසියකට ඉදිරිපත් කිරීම සඳහා ඔහු විසින් මැණික් හා ස්වරණාභරණ අධිකාරියට අද (30) භාර දුන් බව ද සභාපතිවරයා සඳහන් කළේය.
ඒ අනුව තමා සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පිරිසක් හිමිකරුගේ නිවසට ගොස් එය පරීක්‍ෂා කර බලා භාරගත් බව තිලක් වීරසිංහ මහතා කීවේය.
මෙම මැණික් ගල් පොකුර සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 5ක (මිලියන 50) ක පමණ මිලකට අලෙවි කළ හැකි වේ යැයි අපේක්‍ෂා කරන බව හිමිකරු පවසා ඇති බවත්, මෙහි වටිනාකම ඇස්තමේන්තු කර චීනයේ ෂැංහයි නුවර දී ලබන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් වෙන්දේසියකට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
මෙය ද කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ ආරනූල් මැණික් පොකුර මෙන්ම මියගිය මැණික්වලින් සමන්විත නිල් මැණික් පොකුරක් බව ඔහු පැවසීය.
දීර්ඝ කාලයක් තිස්සේ අධික උෂ්ණත්ව තත්වයන්ට ලක්වෙමින් පවතින මැණික් ගල් මියයාමට ලක්වන බව කී සභාපතිවරයා මෙවැනි මැණික් පොකුරු කෞතුකාගාර ආදිය වෙනුවෙන් අලෙවි කිරීමේ හැකියාවක් පවතින බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොහොට්ටු කාරයින් කියයි... නන්දෙගේ වාසනාවට තමයි මේ තඩි මැණික් ගල් හම්බ වෙන්නේ කියලා...
මෙයද කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ ආරනූල් මැණික් පොකුර මෙන්ම මියගිය මැණික්වලින් සමන්විත නිල් මැණික් පොකුරක් බව ඔහු පැවසීය. ආ... ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට.. ඒ කියන්නේ අර මැණික කෝටි 2000ක් වටින්නේ නෑ කියන එකද?
අපිටත් දෙන්නකෝ...!!!
මැණික් ගන්න බලන් ඉන්න විදේශිකයන්ව ලංකාවට ගෙන්න ගන්න ගේමක් මේ
මේවා ඔක්කොම මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න කියන බොරු කතා...