(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දකුණු පළාතේ තිබෙන ප්‍රධානතම රෝහල වන කරාපිටිය රෝහලේ සී ටී ස්කෑන් යන්ත්‍ර අක්‍රීයවීමෙන් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද මහත් අපහසුතාවයක් අත්විඳින බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රෝහලේ තිබෙන සී.ටී ස්කෑන් යන්ත්‍ර දෙකම මාස ගණනක් තිස්සේ අක්‍රීය වී තිබෙන අතර ඉන් එකක් පමණක් ඊයේ වන විට හදා තිබෙන බවත් එම යන්ත්‍රය පාවිච්චි කරන්නේ හදිසි ප්‍රතිකාර ඒකකයට පමණක් බවත් කරුණාතිලක මහතා කීය.
අනෙක් යන්ත්‍රයත් ඉක්මනින් පිළිසකර නොකළොත් රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලයත් අපහසුතාවයට පත් වෙන බව ගයන්ත කරුණාතිලක පැවසීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා:-
අප ඒ වගකීම බාර ගන්නවා.එහි තිබූ ප්‍රශ්නය වන්නේ අළුත්වැඩියා කොන්ත්‍රාත්කරුවන්ගේ ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක්.එක යන්ත්‍රයක් යථා තත්ත්වයට පත් කළා. ලබන සිකුරාදා වන විට අනෙක් යන්ත්‍රයත් යථා තත්ත්වයට පත් කරන බව දන්වා තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කරාපිටියේ සී.ටී ස්කෑන් නවතී