(සිරංගිකා ලොකුකරවිට)
කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23හි නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි තරුණියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම වාට්ටුව තාවකාලිකව වසා දමා ඇතැයි රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
ඇල්පිටියේ පදිංචි මෙම තරුණිය පානදුරේ පුද්ගලික ආයතනයක සේවිකාවකි. ඊයේ (07) ඇය රෝහල් ගතවී ඇති අතර එහිදී සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයේ ප්‍රථිපල අනුව ඇය ආසාදිත බව අද(08) තහවුරු වී තිබේ.
මෙම තරුණිය වාට්ටුවෙන් පැනයෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී ඇය වැළැක්වීමට කටයුතු කළ වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයේ කිහිපදෙනකු ද නිරෝධායනයට යොමුකර තිබේ. අනිකුත් රෝගීන් ද නිරෝධායනයට යොමුකර ඇති අතර රෝගීන් ඇතුලත් කිරීම සහ පිටකිරීම නවතා දමා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කරාපිටිය රෝහලේ 23 වාට්ටුව තාවකාලිකව වහයි