IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘‘කුරුඳු සිගරැට්ටුවට සමාජයේ වැඩි ඉඩක්‘‘

(ශාන්ත රත්නායක)

ශ්‍රී ලංකාවේ කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා මහතා ය.

මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පවසයි.

කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

බහුජාතික සමාගම්වල අනුදැනුම හා මෙහෙයවීම මත සමහර රජයේ ආයතන මේ නව නිපැයුමට "බාල්දි පෙරළීමට" බලා සිටින බව පවසන අමාත්‍යවරයා අවධාරණය කළේ නීති පොතේ කුමන වගන්ති පැවතියද නව නිෂ්පාදනකරුවකුගේ නිෂ්පාදන ඉදිරියට ගෙන යාමට කර්මාන්ත ඇමැතිවරයා ලෙස තමන් කැප වන බවය

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා පවසයි.



අදහස් (5)

‘‘කුරුඳු සිගරැට්ටුවට සමාජයේ වැඩි ඉඩක්‘‘

mp Friday, 19 March 2021 02:47 AM

ලැජ්ජා නැද්ද? මේ අය මේ යන්නේ දුම්කොල කර්මාන්තයට කඩේ... දුම්කොළ නිෂ්පාදනවල නම් මේ නිෂ්පාදන වලටත් දාලා. මේකෙන් හොඳටම වැටහෙනවා දුම්කොළ කර්මාන්තයේ කප්පමක්ම තමයි මේක කියලා...

:       0       3

සමන් Friday, 19 March 2021 03:24 AM

කුරුඳු ඕනෑ නම් පරිප්පුවලට දාලා කෑවට කමක් නෑ. එ්ත් ඕනෑ දුම්පානයක් එකසේ පිළිකා කාරකයන් බව මතක තබාගන්න. ගූගල් සෙවුම් යන්ත්‍රය පාවිච්චි කරලා මේ කියනදේ තහවුරු කරගන්න. ඔබගේ ජීවිතේ කෙටිකර ගැනීමට අවශ්‍ය කෙනෙක් වේනම් මේවා පාවිච්චි කරන්න.

:       0       4

nimal Friday, 19 March 2021 11:01 AM

දුම් බීම ශරීරයට අහිතකර වූවත් විමල් දුම්කොල නැති දුම්පානයක් සඳහා පෙනි සිටිනවා

:       1       6

Sanjiiwa Saturday, 20 March 2021 12:34 AM

කවුරු මොන කතා කිව්වත්, මොන ජාතියෙන් වුණත් දුම්බීම හොඳ නෑ. දේශීය වේවා විදේශීය වේවා දුම්බීමෙන් වෙන්නේ පෙනහලු පිරෙන්න තාර පුරවාගෙන අවුරුදු 25ක් කලින් මැරෙන එක... ලංකාවේ දුම්බීමෙන් වසරකට මැරෙන ප්‍රමාණය 20,000ක්...

:       1       8

siri Saturday, 20 March 2021 09:41 AM

ඔය පෙට්ටිවලත් දුම්පානයේ ආදීනව සඳහන් කරන ආණ්ඩුවේ උපදෙස් ලොකු අකුරෙන් පළකරනවද? දුම්පානය බැරිනම් වෙන මොන පානයක් හරි හදන කෙනා හදපුදෙන්. නමුත් ආණ්ඩුවේ මුල්පෙළේ ජනප්‍රිය ඇමතිවරයෙක් හැටියට මේ කලේනම් රටේ හෝ පොදුජනතාවගේ හෝ සෞඛ්‍ය පිළිබඳ වගකීමක් ගැන නොසලකන ඉතාම බාල ක්‍රියාවක්. මුන්නැහේම නේද ඉස්සර පාසල් ළමුන්ට පරිගණක දෙන්න ගිය වෙලාවේ ඒවායින් ළමයින්ට පිළිකා බෝවෙනවා කියලා බෙරිහන් දුන්නේ... හොද්දට දාන ඒවා කොලේක ඔතලා බීවාම පිළිකා හොඳ වෙනවා ඇති එහෙනම්...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 704 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 126 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 410 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 857 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 502 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 730 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site