‘කොවිඩ්-19’ හෙවත් නව ‘කොරෝනා වයිරස’ වසංගතයට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් පිරිසකට පමණක් යැයි ද දරුණුම තත්ත්වය පැමිණීමට තිබෙන්නේ ඉදිරියේදී යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ඉදිරියේදී අප්‍රිකානු මහද්වීපය තුළ නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර අනතුරු ඇඟවීය.
‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ හෝ වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පනවා ඇති අනෙකුත් දැඩි සීමා හෝ ලිහිල් කිරීමෙන් ඒ ඒ රටවල වසංගතය අවසන් වී ඇතැයි අදහස් වන්නේ නැති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් පැවැසීය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (20) පැවැසීය.
ප්‍රතිදේහ හෙවත් ඉමියුනෝග්ලොබියුලින් යනු රුධිරයේ සුදු රුධිරාණුවල ඇති ‘ග්ලයිකෝප්‍රෝටීන’ අණු වන අතර එමඟින් ශරීරයට ඇතුළු වන වයිරස හෝ බැක්ටීරියා උදාසීන කර ඒවාට විරුද්ධව ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ඇති කරයි.
ඒ අනුව ප්‍රතිශක්තීරණ හැකියාව ඉහළ දමන ප්‍රතිදේහ ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 2ත් 3ත් අතර පිරිසකට පමණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
අද (21) පස්වරු 6 වනවිට ලොවපුරා කොරෝනා මරණ ගණන 1,71,720ක් ලෙස දැක්විණි. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,01,544ක් විය.
ද ගාඩියන්/රොයිටර්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පුර්ණ වැරදි පරිවර්තනයක්. ඉංග්‍රීසි දන්නේ නැත්නම් පරිවර්තන කරන්න යන්න එපා. ගාඩියන් පුවත වාර්තා කරල තියෙන්නේ තවමත් ලෝක ජනගහණයෙන් සියයට එකකට හෝ දෙකකට පමණක් මෙය ආසාදනය වී ඇති නිසා සමුහ ප්‍රතිශක්තිය (herd immunity) බලාපොරොත්තු නොවිය හැකි බව. එහෙම නැතුව ප්‍රතිශක්තිය තියෙන්නේ සියයට එකකට හෝ දෙකකට කියල නෙමෙයි. ප්‍රතිදේහ කියන්නේ දැනටමත් ආසාදනය වී ඇති අයගේ ශරීරයේ හටගන්න දේවල්.
මානවයින් නමින් ජීවින් කොටසක් මිහිමත සිටි බවත්, කොරෝනා නැමැති වෛරසයක් හේතුවෙන් ඔවුන් මිහිමතින් වදව ගිය බවත්, එයින් පසු පෘතුවිය ජීවීන්ට හිතකර, නිදහස් වාසස්ථානයක් වූ බවත්, අනාගතයේ මිහිමත පහලවන ජීවීන් කොටසක් විසින් සොයා ගනීවී....
ශරීරයේ ප්‍රතිශක්තිකරණ, ප්‍රතිදේහ ලෝක ජනගහනයෙන් සියයට 97 කට නොමැති බව මේ සංවිධානය දන්නේ කොහොමද?