IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා සහන වැඩට මාලිම්බඩ ප්‍රා. සභාවෙන් ලක්ෂ 10 ක්

සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරස් මර්ධන කටයුතු සහ ජනතාවට සහන සැලසීම සදහා මාලිම්බඩ ප්‍රාදේශීය සභාව රුපියල් ලක්ෂ 10 ක් වෙන්කර ඇතැයි මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සෝමසිරි වීරමන් මහතා පවසයි.

මෙම මුදල්වලින් සතොස මගින් ආහාර ද්‍රව්‍ය ලබා ගෙන එම මිලටම ජනතාවගේ නිවෙස්වලටම ගෙන ගොස්දීමේ වැඩ පිළිවෙලක් ආරම්භකර ඇත.

එමෙන්ම එළවලුද සහන මිලකට ජනතාවට ලබාදිමද සිදු කෙරේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ලබා ගන්නා ජලය බව්සර් මගින් බෙදාහැරිමේ වැඩ පිළිවෙලක්ද ක්‍රියාත්මක වන බව පැවසූ වීරමන් මහතා ජල හිගයෙන් පීඩාවට පත්ව සිටින අකුරුගොඩ ගල්ලැම්බකුට්ටිය සහ හොරගොඩ මුස්ලිම් ගම්මානයේ ජල ටැංකි දෙකක් තබා ඇතැයිද කීය.

මාලිම්බඩ නගරය, විහාරස්ථාන, පොලිසිය, සහ වෙනත් සියලුම පොදු ස්ථාන විෂබීජහරණය කිරිමද නොකඩවා සිදු කිරිමටද එම ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇත.

දින දෙකකට වරක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, මහජන සෞඛ්‍ය පරික්ෂකයින් සහ ස්වේච්චා සංවිධාන නියෝජිතයින් සමග එක්ව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද සාකච්චා කරන බවද සෝමසිරි වීරමන් මහතා සදහන් කළේය.



අදහස් (0)

කොරෝනා සහන වැඩට මාලිම්බඩ ප්‍රා. සභාවෙන් ලක්ෂ 10 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 61 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 270 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site