චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 492 දක්වා ඉහළ ගොස් තිබේ.
24,505දෙනෙකු ආසාධිත තත්වයේ පසුවෙති.
(ඩේලි මිරර්)




චීනයේ ව්‍යාප්තව ඇති කොරෝනා වයිරසය හේතුවෙන් මරණයට පත්වූ සංඛ්‍යාව මේ වන විට 492 දක්වා ඉහළ ගොස් තිබේ.
24,505දෙනෙකු ආසාධිත තත්වයේ පසුවෙති.
(ඩේලි මිරර්)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාතික වසංගතයක් වෙන්න කලින් අවශ්‍ය දේ කලින්ම කරන්න ඕන ( මේ කරපු හරිය හොඳයි නමුත් අඩු පාඩු තියනවා ) මේක දූපතක් හින්ද ඒක තවටිකක් ලේසියි.
අපිට තියෙන්නේ, මේ වෛරසය එක ශරීර ගත වූන රෝගීන්ට හරියන එන්නතක් ඉක්මනින් හදාගන්න එකයි ඇහුවොත් ටීවී එකේ ඔක්කොම ඉන්නේ ඩොක්ටර්ලා ඒ වුනට මුලින්ම ඉල්ලන්නේ අතිකාල දීමනා
හඬපට ඝෝෂාව හිමින් සැරේ කොරෝනා වලට මාරුවී ඇත. කාගේ කාගේත් සෞක්‍ය රැකගැනීමට එසේ කිරීම හොඳය. මේ සියලු ඝෝෂා වලින් බඩු මිල ඉහල ගොස් ඇතිබව අමතක වී ඇතිබව පෙනේ. දැන් උනන්දුව බඩු මිල නොව කොරෝනා ගැන සෙවීමය.
ඇත්ත ගණන ඊට වඩා අති විශාලයි කියලත් කියනවා.
චීනාට අද වෙලා තියන තත්වය. චීන, ඇමෙරිකාව සහ ඉන්දියාව තමන්ගේ ප්‍රශ්න අමතක කරලා මුළු ලෝකේ අල්ලන්න යනවනේ. අපිටත් උදව් කරනවා කියමින් අනවශ්‍ය බලපෑම් කරනවා...
මෙච්චර අනාවැකි කාරයෝ ඉන්න රටේ ඔහොම දෙයක් වෙයි කියලා දැනගෙන හිටියේ නැතුව ඇති.
තාම ලංකාවේ වෛරසය බීජෟෂණ අවධියවත් ඉවරවෙන්නත් පළමුව මහජනතාව රැස්කරන්න නිදහස් උත්සව, දේශපාලන රැස්වීම් තියන්න එපා. GMOA කියන ඒවා විශ්වාස කරන්න එපා. එයාලා රෝගීන් අමාරුවේ දාපු කට්ටියනේ...
සමුරි ඔයාගේ යෝජනාව නම් හොඳයි. නමුත් "එන්නතක් හැදීම, කඩෙන් පැරසිටමෝල් පෙත්තක් ගන්නවා වගේ ලේසිදෙයක් නෙමෙයි. ලෝකයේ තියෙන, එන්නත් හදන ප්‍රධානම ආයතනයක් වන පාස්චර් ආයතනයටත්, ජපානයේ ටකදා ආයතනයටවත් අවුරුදු ගණනක් ගිහිනුත් ඩෙංගුවලට සාර්ථක එන්නතක් හදාගන්න තවම බැරිවුණා. මේකත් එහෙම තමයි ඉතින් අපි ගැන කවර කතාද? හැබැයි තවටික දොහකින් සමාජ මාධ්‍ය ජාලාවල කොරෝනා නිට්ටාවටම හොඳ කරන "ඊනියා දොස්තරලා වැහි වහීවි. අර ඩෙංගු හොඳ කරන "පැපොල් කොළ" නෝනා වගේ...
දැන් නොපමාව චීන ජාතිකයින්ට සංචාරක වීසාදීම සහ චීනයට ඍජු ගුවන් සේවා සැපයීම වහාම නතරකරලා දමන්න ඕනේ... ගුවන් සේවා සැපයූවත් දුවන්නේ වෙන්නේ පාඩුපිට... දැන්ම මොකක් හරි පියවරක් ගන්න.
කොරෝනා වසංගතය සම්බන්දයෙන් රජයේ වැඩපිළිවෙල පැහැදිලි නැත. නැත්නම් එම වැඩපිළිවෙල නිවැරදිව ජනගත වෙන්නේ නැත. විටෙක දරුවන් ගෙන්වනවා කියයි. විටෙක ගෙදර යවන බව කියයි. තව තැනක දියතලාවේ දමන බව කියයි. දිනදෙකකින් හමුදාව ලවා ආරක්ෂිත රෝහලක් හැදු බව කියයි. නමුත් කොළඹ උණ රෝහලේ පහසුකම් පවතින්නේ එක රෝගියෙකු සදහා පමණක් බව කියයි. අගමැතිතුමා වසංගතයට පෙර සුදානම පිලිබඳ ප්‍රශංසා කළ බව කියයි. උණ රෝහලේ කාර්යමණ්ඩලය ආරක්ෂිත උපකරණ සහ ක්‍රමවේද නොමැති නිසා ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණෙන බව කියයි. ඒ අතරතුර චීනයේ සිටින අපේ දරුවන්ට කොළඹින් කෑම යැවීමක් ගැනත් කියයි. බන්දුල ඇමතිතුමා සිතන පරිදි මෙය ඩෙංගු වැනි වසංගතයක් නොවේ. හුස්මකින් නැත්නම් බැල්මකින් පවා බෝ වියහැකි රෝගයකි. මරණ අනුපාතය ඩෙංගු මෙන් 10-25 පමණ වේ. දැනට හදුනාගත් රෝගීන් නැතත් වාර්තා නොවූ බොහෝ දෙනෙක් රටතුල සිටීමේ ඉඩ ඉතා ඉහළය. ඒ පිරිස හදුනාගෙන වෙන්කොට නිසිලෙස කළමනාකරණය කොට වසංගතය පාලනය සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් රජය ඉදිරිපත් කළ යුතුය. කමිටු දැමීම හොඳය. නිරතුව රැස්වී කතාකිරීමත් හොඳය. නමුත් ප්‍රතිඵල පෙනෙන්නට තිබිය යුතුය.
ලෙඩ සුවකරන පාස්ටර්ලාට අභියෝග කරනවා. පුලුවන් නම් එන්නකෝ ඉස්සරහට...
මේ ආණ්ඩුව ආව නිසා දේව ශාපයක් ඇවිත්.
මේ සල්ලි තියෙන ශිෂ්‍යයෝ 33දෙනා ගැන හොයල දියතලාවේ නිරෝධායනයට දාපු විදියට ඊයේ චීනේ ඉඳල (02/02/20) ආපු ශ්‍රිලංකාවේ 141දෙනා ගෙවල්වලට යැව්වේ කොහොමද. මේවා විහිලු. මේ 141දෙනාවත් කොහේ හරි කෑම්ප් එකක සති දෙකක් නවත්වන්න ඕන නේද. ආණ්ඩුව වගකියනවද ඔය හැමතැනම කොරෝනා බෝ වුනොත්.
අපි නොදන්නා හෝ නොදන්නවා සේ සිටින ප්‍රධානම කරුණ තමයි ලංකාවේ චීන ජාතිකයන් රැකියා සඳහා පැමිණි පිරිස ලක්ෂ 3 ක් ඉක්මවද්දී චීනයේ සිටින ලංකාවේ මුළු ජනගහනය බහුතරය මුදල් අතින් ගෙවා ඉගෙනීමට ගිය සිසුන් 1500 කටත් වඩා අඩුවීම. කොහොමද ආක්‍රමණය ? කතාවට කියන්නේ අපේ යුද්දේ වෙලාවේ චිනෙලු උදවු කළේ. මරු ප්රතිඋපකාරේ. ප්‍රශ්නේ තමයි අපේ වඩු බාස්ලව අපි දහදුක් විඳින්න මැදපෙරදිග ඇරලා අපේ රටේ අයිස් වැඩ වලට චීන ජාතිකයන් ගෙන්වීම. මෙය කොතරම් දුරට සාධාරණද ?
දෙවියන් මිනිස්සුන්ගේ වැරැදිවලට දඬුවම් විදිහට තමයි කොරෝනා එව්වේ..
නිව්ස් සයිට්වල කොමෙන්ට්ස්,... විද්‍යාත්මකව, සහ කාටහරි වැදගත් වන ලෙසින් පලකරන අය ඉන්නේ 1%ක් තරම්... ඇත්තටම මේ නිවුස් සයිට්වල කොමෙන්ට්ස් දාන එක්තරා පිරිසක් ඉන්නවා මානසික රෝගීන්. කරන්න වැඩක් නැතිව කාලය කා දමන මොවුන් හැම දෙයකටම ගරහන මානසිකත්වයක් සහිත අයයි. කොමෙන්ට්ස් වල තියෙන්නේ රටේ බහුතරයකගේ අදහස් නෙමේ.... බහුතරයක් නිහඬව ඉන්නේ... රටේ සංස්කෘතියට, ආගමට, දහමට, ජාතියට විරුද්ධ පරගැති චින්තනයක් සහිත සීමිත කොටසක් නිතරම කොමෙන්ට්ස් කරනවා. ඔබට විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි ඕනෑම නිවුස් සයිට් එකක. ඔවුන්ගේ කොමෙන්ට්ස් වල කිසිම පදනමක් නෑ. ඔහේ මොනවා හරි කොටනවා. සමහර වෙලාවට නිව්ස් එක හරියට කියවලාත් නෑ. සමහර කොමෙන්ට් නිවුස් එකට අදාලත් නෑ. ඔවුන්ට ඕනෑම හොඳ දේකට වුණත් ගරහන එක සාමාන්‍ය දෙයක්. මෙය එක්තරා මානසික අවුලක්... දෙයක් හොඳ හෝ වැරදි හෝ, එය විද්‍යාත්මකව සහ සාධක සහිතව අන්අයට පැහැදිලි කළ හැකි සැබෑ පිරිස් ඉතාමත් කලාතුරකින් දකින්න ලැබෙන්නේ... මෙම නිවුස් එකට ලබාදී ඇති කොමෙන්ට්ස් ටික වුණත් ඉතා විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි... ලෝකයටම අවදානමක් ඇති කොරෝනා ප්රශ්නය මේ පිරිස හරවා ගෙන තියෙන පැති සහ කාටවත් කියවීමෙන් පලක් නැත...
මේක මහ පුදුම රටක්. කවර ආකාරයේ ජාතික ව්‍යවසනයකදීවත් වැදගත් සාකච්ජාවක් නෑ.