(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල ගෙන දැන්වත් ජනතාවගේ ජීවිත බේරා ගත යුතුව ඇතැයි‘‘ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් දැනට පත් කර ඇති ක්‍රියාන්වති මධ්‍යස්ථානය අසාර්ථක වී තිබෙන හෙයින් ජනතාව ගැන අනුකම්පාව තිබෙනවා නම් කැබිනට් මණ්ඩලයට බලය ගෙන ඉදිරි තීරණ ගන්නැයි ඉල්ලා සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
මේ වන විට ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යසනයේ උග්‍ර තත්වයට මුහුණ දී තිබෙනවා . ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටීලා. මේ වන විට කොරෝනා වසංගතය ලංකාව පුරාම පැතිරෙමින් තිබෙනවා. එමෙන්ම ඔක්සිජන් හිඟය ද තිබෙනවා.වෙන්ටිලේටර් හිඟයක් තවතිනවා. රෝහල්වල ඇඳන් හිඟයි . කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ගිහිල්ලා.දිනෙන් දින ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය වැඩිවෙමින් තිබෙනවා.
මේ වන විට රට තිබෙන්නේ තීරණාත්මක අවස්ථාවකයි.වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි තීරණ නොගත්තොත් සියලු ශ්‍රී ලාංකේයන්ම අමාරුවේ වැටෙන්න වෙනවා.
එමෙන්ම වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවත් කොරෝනා අවදානම් මට්ටමට පැමිණ තිබෙන බව සඳහන් වනවා.
ඒ වාර්තා අනුව දිනකට කොරෝනා රෝගයෙන් ජුනි ,ජුලි මාස වන විට දිනකට සියයකට ආසන්න පිරිස මිය යා හැකි බව දක්වා තිබෙනවා.ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි.
මේ ආණ්ඩුවේ නම බේරා ගැනීමේ සටන නොවෙයි. එමෙන්ම මෙය දේශපාලන සටනද නොවෙයි.
මෙය ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ සටන බව කිව යුතුයි.ආණ්ඩු මාරු කරන්නැයි කියා අප මේ අවස්ථාවේදී කියන්නේ නැහැ .ජනතාවගේ වගකීම තිබෙන්නේ කැබිනට් මණ්ඩලයටයි.
ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද එතැනට සම්පූර්ණ බලතල ගත යුතුයි. දැන් පවතින ක්‍රියාන්විත මධ්‍යස්ථානය අසාර්ථකයි .අප මේ ගැන කළින්ම අනතුරු හැඟවුවත් ආණ්ඩුව ඒ ගැන ක්‍රියා කළේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
SLMA ,GMOA , ඇතුළු සංවිධාන කියද්දී තවදුරටත් නිසි පියවරක් නොගැනීම කණගාටුවට කරුණකි, ඔබතුමාගේ ප්‍රකාශයේ අන්තර්ගතය ජනතාව වෙනුවෙන් කරන ලද ප්‍රකාශයක්,දැන් ඉතින් වෙන කට කියන්නද ? දැන් ඉතින් අපගේ හදවතේ දැවෙන භය , සංකාව ඇතුළු ප්‍රශ්නයට අදාල බලධාරීන් ක්‍රියා නොකරන්නේනම්,තිස්තුන් කෝටියක් දෙවිවරු භාරකරමින්, ශ්‍රී ලංකාව ආරක්ෂා කරත්වා.!
දැන් මහ බැංකුව කඩපුවා ඇමරිකන් ගැතිතම්, අරවා මේවා කියලවත් මේවා අමතක කරන්න.
කැබිනට් එකේ බාගයක් ඉන්නේ මෝඩයින්නේ. එයාලාව හොදයි චණ්ඩි පාට් දාන්න. ඔය කෝකටත් අත උස්සන හොර රැළෙන් වැඩක් නැහැ. ඔවුන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ.
බොරු මඩ නොගහා මේ මනුස්සයා 2020 කියපු දේවල් අහලා ටෙස්ටින් වැඩි කරලා වැඩ කරා නම් අද වෙනකොට මේ ප්‍රශ්නේ ඉවරයි. බූරු පුතා 2020 මැදින් පැනලා ජනාධිපතිට නොයිල්ලා මේ මනුස්සයාට ඉල්ලන්න දුන්නා නම් 2025 වෙනකොට මේ රට සිංගප්පූරුවක් කරලා. කොහෙදමේ මිනිහගේ අගයක් තේරුම් ගන්න පුලුවන් එවුන් ටිකක්යෑ මේකේ ඉන්නේ?. ඉන්නේම දේශපාලකයින්ට වදින එවුන් ටිකක් නේ.
මෙයාගේ ඉල්ලීමට වඩා ප්‍රාදේශීය සභා මන්තී කෙනෙකුගේ ඉල්ලීමට මුල්තැන දෙන්න වෙනවා. මොකද ප්‍රාදේශීස සභා මන්තීලා මෙයාට වඩා ඡන්ද අරන් තියෙනවා
පස්සේ ඒගොල්ලෝ වැඩෙ කෑවා කියලා ඡන්ද අරන් බලේට එන්න නේද දගලන්නේ? හැරෙනකොට කියන්න පුළුවනි ලංවෙන්නේ පොල්පැලේට කියලා...
දේපළ දන්දීලා තපසට යනවා කියපු කෙනා මෙන්න ආයේ ඇවිත්... බල්ලෝ වැසිකිළිය වටෙ කැරකෙනවා වගේනේ අම්මපා...
අනේද කියන්නේ.... සුත්තර පුංචත් වැඩේ අතාරින්නෙම නැහැ නේද......මොනවහරි වචන ටිකක්ගලපල කියනවාමයි....