(රංජන් කස්තුරි)
මේ වනවිට දිවයින පුරා රෝහල් කිහිපයක කොරෝනා රෝග ලක්ෂණ බවට සැක රෝගීන් 15 දෙනෙකු සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
අංගොඩ අයි.ඩී.එච්. උණ රෝහලේ රෝගීන් තිදෙනෙකු, කුරුණෑගල රෝහලේ දෙදෙනෙකු, මහනුවර රෝහලේ රෝගීන් සිව්දෙනෙකු, මීගමුව රෝහලේ දෙදෙනෙකු, රාගම, ගම්පහ, බදුල්ල සහ යාපනය යන රෝහල්වල එක් රෝගියකු බැගින්ද වනසේ මෙම රෝගීන් සිටින බව අනිල් ජාසිංහ මහතා කීවේය.
චීන ජාතිකයන් වැඩි වශයෙන් ගැවසෙන කොළඹ, දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ඔවුන් පිළිබඳව දැඩිව නිරීක්ෂණය කරන බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සියල්ලටම මුල තිස්තුන්දෙනාගේ වුහාන් නාඩගමයි. රටක මෙවන් අවදානමකදී පෙරට පැමිණ සෞඛ්‍ය අංශවලට කිසිවක් කරන්න දෙනවාට වඩා හමුදාව ඉදිරියට පැනලා වීර මෙහෙයුමකින් පසු තිස්තුන්දෙනෙක්ව ඔවුන්ගේ රෝහලක තබා ගත්තා. තවත් එකසිය ගණනක් කාගේවත් හව්හරණයක් නැතිව චීනෙන් ඇවිල්ලා ගෙදර ගියා. මේ අයගෙන් කීපදෙනෙක්ට තමයි දැන් ලෙඩේ හැදිලා තියෙන්නේ. බල්ලාගේ වැඩේ බුරුවා කරන ලෙස නොකර අදාළ කාර්යය අදාළ ආයතනයට කරන්න ඉඩ දෙන්න. රටක දේවල් සිදුවිය යුත්තේ ක්‍රමවත් සැලසුම් සම්පාදනයකින් මිස ගැලරිය පිනවන ඩිශුම් ඩිශුම් නාටක ලෙස නොවේ.
දැන්වත් ඔය චීනයට කරන ගුවන් ගමන් නවතා දමලා චීනෙන් පැමිණෙන සියලු දෙනාම නිරෝධනය කිරීමට යොමු කල යුතුය, නැතිනම් ඩෙංගු වගේ මේකත් රටේ අස්සක් මුල්ලක් නෑර පැතිරේවි , එතකොට වෙන්නේ අර මත්තල ගබඩාව වැනි ගබඩා , පාසල් පන්සල් රෝහල් බවට හරවන්න.
චීනයේ ගොඩක් දෙනාට කොරෝනා රෝගය වැළදිලා තියෙන්නේ කෑමෙන්. කෙනෙකුට බැක්ටීරියාව ඇතුල් වුනාට දින 14 කින් රෝගය වැළදීමට කලින් තවත් කෙනෙකුට බෝවෙන්නේ නැහැ. වැළදුන රෝගීන් අපේ අය ඇසුරේ නිදැල්ලේ නැහැ. එමනිසා චීනෙන් ආපු අපේ අය එහෙදි මොනවගේ කෑමද ගත්තේ නයි කෑවද, වවුල් ලේ බීවද කියලා දොස්තර මහත්වරු විමසා බැලුවොත් හොදයි.
ඔන්න මිලානෝ ඒකත් ගෝඨාභයට දැම්මා. බලන්නකෝ ඒක බෝ වුනේ අර 30නාගෙන් කියලා මිලානෝ දැනගත්ත හැටි.