(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොංකොං හි සිටින වයිරසවේදී මහාචාර්ය මලිත් පීරිස් මහතා ලංකාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ හැඟවෙන ආකාරයේ ව්‍යාජ හඬපටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සෞඛ්‍ය අංශ මගින් මෙරට කොවිඩ් රෝගය මර්දනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව ව්‍යාජ පුවතක් නිර්මාණය වන ආකාරයට එම හඬපටය නිකුත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ට මහාචාර්යවරයා කරන ලද පැමිණිල්ලක් අනුව ඉදිරියේදී එම පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමාජ මාධ්‍ය නම් අපේ ගොයියෝ පාවිච්චි කරන්නෙම නුහුරට... කොයිතරම් වටිනා දෙයක් වුණත් හරි ප්‍රයෝජනේ ගන්නේ නැත්නම් එය සමාජයට නපුරකි...
ඔවුන් ජාති ද්‍රෝහීන් ලෙස සලකා නීතිය ක්රිියා කරනු ඇතැයි සිතමු
සමාජ මාධ්‍ය කීපයක පළකරන්නේ රජයට විරුද්ධ අදහස් පමණයි. ඒවාට ලියන්නේ ජෙප්පන් පමණයි. අනික් අදහස් කපා දමනවා.