(ඩයනා උදයංගනී)
මෙරට තවත් පුද්ගලයන් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔවුන් දෙදෙනා ද ඉතාලියේ සිට පැමිණි අය බව අමාත්‍යවරිය කීවාය.
ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තිබිලත් මොවුන් කැමති නැහැ නිරෝධායන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න. මොවුන්ට ඕනෑ මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත අවුල් කරන්නයි.
ගුවන් ගමන් සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. දැන් අඩු ගානේ සතියකට දෙකකට. පැහැදිලිවම පේන්නේ මේ එන පිරිස් තමන් හිටපු රටවලදී කොරෝනා පරීක්ෂණයකට භාජනය වෙලා නැහැ කියන එක සහ ඔවුන් ලංකාවට පැමිණෙන කොටත් කොරෝනා රෝග ලක්ෂණ තිබිලා තියෙනව කියන එක. ලංකාවේ අනිත් මිනිස්සුන්ට සංචාරකයන්ගෙන් කොරෝනා පැතිරෙන එක නවත්තන්න ආණ්ඩුව වහාම පියවර ගන්න ඕනේ. කලින් ලියපු එක වැටිලා තිබුනේ නැහැ. ලංකාව තවම ඉන්නේ කොරෝනා පලවෙනි අදියරේ. අනිත් බොහෝ රටවල් එක්කෝ තුන්වෙනි අදියරේ නැත්නම් හතරවෙනි අදියරේ. ඒ හින්ද ගුවන් තොටුපොල වහල දාල ඇතුලේ ඉන්න සංචාරකයන්ට, සංචාරක මඟ පෙන්වන්නට සහ ඔවුන්ගේ පවුල් වල අයට කොරෝන පරීක්ෂණ අනිවාර්යය කරන්න ඕනේ. සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන මුදලට වඩා රටේ ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. ලංකාවේ වැඩි පිරිසක් වැඩිහිටියන් බවත් මතක තියා ගත්තොත් හොඳයි.
අද අන්තර්ජාලයේ පලවී ඇති වාර්තාවක්. උපුටාගැනීමකි. "ස්වීඩනයේ සිට පැමිණි අමාත්‍යාංශයක සේවයේ නියුතු නිලධාරිනියකට කොරෝනා වයිරසය වැළඳී ඇතිබව වාර්තාවෙනවා. ඇයසේවය කරන අමාත්‍යාංශයේ විශාල පිරිසකට මෙන්ම අමාත්‍යවරයාටද දැනටමත් රෝගය වැළඳී ඇතැයි සැක පහළවී තිබෙන බවයි එම වාර්තා දක්වා ඇත්තේ. වාර්තා වී ඇති අන්දමට ඇයට රෝගය වැළඳී ඇත්තේ ස්වීඩනයේ දී වන අතර ලංකාවට පැමිණි ඇය ඒ බව නොදැන පසුගිය දින දෙකක් තිස්සේ අමාත්‍යාංශයේ සෑම අංශයකම පාහේ අය සමග සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වා තිබේ. රෝග ලක්ෂණ පිළිබඳ සැක පහළ වී අද ඇය පරීක්ෂණයකට යොමු වූ පසු කොරෝනා පොසිටිව් බව හෙළි වී ඇත. ඉන්පසු ඇය රෝහල් ගත කර තිබේ. ඇමතිවරයෙකුට මේ රෝගය වැළඳී ඇත්නම් එමගින් කැබිනට් මණ්ඩලයට ද රෝගය වැළඳීමේ අනතුරක්ද නැත්තේ නොවේ. මේ අතර අද තවත් කොරෝනා රෝගීන් දෙදෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරිය පැවසුවාය." උපුටාගැනීම අවසන්....