(සුජිත් හේවාජුලිගේ)
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින් හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමට කටයුතු කරන්නැයි තමා ජනතාව ගෙන් නැවත වරක් ඉල්ලා සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
පවතින තත්වය යටතේ නිරෝධායන නීති ආරක්ෂා කිරීමද අතිශයින්ම වැදගත් බව හෙතෙම පෙන්වා දුන්නේය.
කොරෝනා ආසාදිතව මියගොස් ඇති බහුතරය කොරෝනා මර්දන එන්නත් ලබා නොගත් අය බවත් රටට තියෙන වැදගත්ම රැකවරණය කොරෝනා එන්නත බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
ආසාදිත වූ වැඩි පිරිසක්ද එන්නත නොලැබූ අය බව හෙතෙම කීවේය
ජනතාවට එන්නත ලබා ගැනීමේ පහසුව සඳහා රට පුරා මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇතැයි පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදීද එන්නත ලබාදීම සිදුකරන බව පැවසුවේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්නේ කොහෙන්ද? කඩෙන්ද?
ඇයි දැන් බයවෙලා..? මේවා යුද්ධ කරනවා වගේ නොවෙයි. වයිරස් ඒකත් එක්ක හැප්පෙන්න ඒ ගැන උගත් අය ඉන්නවා. හමුදාවකට එහෙම උගත් අය අවශ්‍ය නැහැ. හමුදාවට අවශ්‍ය එකම සුදුසුකම මිනීමැරීමේ හැකියාවයි. ඔබ මේ කොරෝනා රස්සාවෙන් මදි නොකියන්න හොයාගත්ත බව දන්නෝ දනිති.
අනේ කොළ ගිරවෝ, පළවෙනි මාත්‍රාව අරන් මාස 03ක් ළංවෙන්න එනවා. කෝ අපිට දෙවැනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා...? කයිය නම් කෝටියයි... වැඩ නම් බෑ...
අපිට නෙවෙයි බොසාට කියන්න...
ගන්න, දෙන්න එපැයි . නුවර අපිට ලැබුනේ තාම එකයි
හමුදාපතිතුමනි, විශ්ව විද්‍යාලේ ඉගෙනගන්න දරුවන්ටත් කල් ඇතිව ඕක දෙන්නකෝ...! දොස්තරලගේ නර්ස්ලාගේ දරුවන් නම් ඔක්කොම එන්නත් ගස්සාගෙන ඉවරයි. වයස් සීමාවක් ඒ ගොල්ලන්ට නැහැ. අපේ ළමයින්ට ඒක දෙන්නේ නැහැ.
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...
අපේ පළාත්වල තවම 60 ට අඩු අයට එන්නත් දීමක් ගැන සඳහනක් නෑ. මෙයා කියන්නේ බස්නාහිර ගැන වෙන්න ඕනෑ...
අනේ හමුදාපතිතුමනි, අපි නම් එන්නත අරන් මාස 4ක් පහුවෙලා. කැමැත්තෙන් බලාගෙන ඉන්නේ දෙවැනි එක ගන්න. කෝ ඉතින් ඒකට ඔබලාගේ පැත්තෙන් පිළිසරණක්... කරුණාකර අපි ලක්ෂ ගාණක් බලාගෙන ඉන්න ඇස්ට්‍රාසෙනිකා එන්නත අපිට ලබාදෙන්න.