( තිළිණි ද සිල්වා )
චීනයේ වූහෑන් නගරයේ සිට ලොව පැතිරෙමින් පවතින මාරාන්තික කොරෝනා වෛරසය මඟින් ඇතිවන අවදානම අවම කිරීම සඳහා පූර්වාරක්ෂක පියවර මාලාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගම පියවර ගෙන ඇත.
ඒ අනුව මෙම වෛරසය ආසාදනය වීමෙන් වැළකීම සඳහා ශ්‍රීලංකන් ගුවන් කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩල ද, ගුවන් යානා සහ ගුවන් තොටුපල, විශේෂයෙන් ආසියානු පැසිෆික් කලාපය තුළ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් දැනුවත් කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තත්ත්වය අධීක්ෂණය කරනු ලබන ගුවන් සේවා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් හා සම්බන්ධ වී කටයුතු කරනු ලබන බවද වැඩිදුරටත් නිවේදනය කර සිටී.
ආසියානු පැසිෆික් කලාපය තුළ වර්තමානයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ගුවන් මගීන්ට සහ ගුවන් කාර්ය මණ්ඩලයට ඇතිවිය හැකි ආසාදන අවදානම අවම කිරීම සඳහා මෙම පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබ්බා මෙම වෛරසය ශරීරගතවෙලා දවස් 7ක් පමණ යනකන් කිසිඳු රෝග ලක්ෂණයක් නොපෙන්වන්නත් පුලුවන් කියලා.., එ්ක හින්දා චීනෙන් එන සෑම මගියෙක්වම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්නේ නැතිව රට ඇතුළට ගන්න එපා..
චීනයෙන් මෙරටට ආනයනය කරනු ලබන මාංශ සහ පිළියෙල කරන ලද මාංශ ආහාර (සොසේජස් වැනි) වහාම නැවැත්විය යුතුයි. මන්දයත් ඒවායේ අඩංගු දෑ ගැන අප නොදන්නා දන්නා නිසාය.
චීන්නු 400,000ක් ඉන්නවා ලංකාවේ. ඒ අය ඉන්න තැන ගැන තොරතුරු ආගමන විගමන එකේ තියනවද? රාජපක්ෂලා චීනාට දොරඇරලා අන්තිමේ පස්ස බිම ඇණගන්නයි යන්නේ..