බන්දුල ඉලේපෙරුම
ක්‍රිකට් වැටෙන්න පටන් අරන් අවුරුදු 5ක් වන බවත් ක්‍රිකට් පරිපලානයට ඇඟිලි ගැසීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(9) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ක්‍රිකට් අගාධයට යෑම සම්බන්ධයෙන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.
එහිදී බුද්ධික පතිරණ මහතා විමසා සිටියේ ක්‍රිකට් එන්න එන්නම නරක අතට පත්වන බවත් මේ වනවිට ක්‍රිකට් පිළිබඳ කටයුතු කිරීමට කමිටුවක් පත්කර ඇත්තේ කුමක් සඳහාද යන්නයි.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය.
“ක්‍රිකට් වැටෙන්න පටන් අරන් අවුරුදු 5ක් වන බවත් ක්‍රිකට් පරිපලානයට ඇඟිලි ගැසීමට දේශපාලන අධිකාරියට අයිතියක් නෑ. ඒක ස්වාධීන ආයතනයක්. පැරණි ක්‍රීඩා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දිය යුතුයි. වෘත්තීය වශයෙන් වැදගත් කමිටුවක් පත් කළේ ඒ පනත කෙටුම්පත් කරන්න. ක්‍රිකට් පරිපාලනය එකක්. ක්‍රිකට් කියන්නේ තව එකක්. අරවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයේ ක්‍රිකට් වෙනුවෙන් වෙනම කමිටුවක් දැම්මා. ඒකෙන් බලාපොරාත්තු වෙන්නේ ක්‍රිකට් කියන කෑල්ල දියුණු කරන්න. මෙය අවුරුදු 17න් පහළ පාසල් මට්ටමේ සිට ඉහළට ගෙන ආ යුතුයි. තාක්ෂණික කටයුතු පිළිබඳ සොයා බලන්න හා වැඩපිළිවෙළ හදන්න ඒ කමිටුව පත්කරලා තියෙනවා. ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් හදන්න අවුරුදු 5ක් 6ක් යනවා. අද කළොත් 2023 වර්ල්ඩ් කප් එකට කෙනෙක් හදන්න පුළුවන්. ක්‍රීඩාවට දේශපාලනය ගේන්න හොඳනෑ.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම නියම කයිවාරු කාරයෝ... ඒත් වැඩ නැහැ. කොහොම වුණත් ඇඟිලි ගහන හැටි දැනගන්නම ඕනෑ නම් නන්දසේන බාප්පාගෙන් අහන්න.
ඒකනේ මල්ලිගේ මාමණ්ඩිව දැම්මේ නේද?
අයිතිය ඇත්තේ බුකීකරුවන්ට පමණි... ආ දැන් මතක් වුණේ 2011 ලෝක කුසලානේ අවසන් මහ තරගයට මොකද වුණේ...?
ලංකාවේ සියලුම ක්‍රීඩාවල ක්‍රීඩකයන් අර්ධ වෘත්තීමය වුණොත් හොඳයි කියලා හිතෙනවා. රජයේ හෝ පුද්ගලික ආයතනයක රැකියාවක් කරන ගමන් ක්‍රීඩා කිරීම සිදු කළොත් හොඳයි කියලා හිතෙනවා. ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හඳුන්වන බැවින් ක්‍රීඩාවද පූර්ණ ධනවාදී නොවී සමාජවාදී වෙලා බැලුවොත් හොඳයි කියලා හිතෙනවා. ලංකාවේ දේශපාලනය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී.. ක්‍රීඩාව ප්‍රජාතාන්ත්‍රික ධනවාදියි. මේ හින්දා වෙන්න ඇති නොගැලපීමක් ඇතිවෙන්නේ. ක්‍රිකට් පරිපාලනයට ඇඟිලි ගහන්න දේශපාලන අධිකාරියට අයිතියක් නෑ කියලා කිව්වාම, ක්‍රිකට් මණ්ඩලයට ඔක්කොම නියම කරවා කරන්න පුලුවන්ද? ලංකාවේ ක්‍රීඩා පිට්ටනි තියෙන්නේ විදේශ භුමිවලද? ක්‍රීඩා පිට්ටනි තියෙන එකම දේශපාලනයක්.
එතකොට ජෙරම් ජයරත්න කියන්නේ කවුද...? අසන්තද මෙල් කියන්නේ කවුද...? ඕවා බයියන් විශ්වාස කරයි.
ආ... එ්ක තාත්තා ඉන්දියාවට වික්කා. ඒක හුවමාරුවක්, කොටි සටනේ අන්තිම හරියේදී ඉන්දියාව ලංකාවට මදි නොකියන්න පරිප්පු නුදුන්නේ ඔය ගිවිසුම නිසයි.