
(සුජිත් හේවාජුලිගේ)
කීරී සම්බා හිඟයට හේතුව වී නිෂ්පාදනයේ ප්‍රශ්නයක් බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.
නාඩු වී වැඩියෙන් වගා කර ඇති නමුත් කීරි සම්බා වගා කර ඇත්තේ ඉතා අඩුවෙන් බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ ප්‍රශ්නය මැද පාලන මිලක් නියම කිරීමෙන් විශාල අර්බුදයක් මතුවුණු බව පෙන්වා දෙන සිරිසේන මහතා පාලන මිල ඉවත් කිරීම නොකිරීම රජයට අයිති කාර්යයක් බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවසැරයක් මේසෙට ගහලා පාලන මිල වැඩිකරලා... ඕනෑ නම් කියන්න. ලැජ්ජා වෙන්න එපා. මට ලැජ්ජත් නෑ...
කීරිසම්බා හිගයට හේතුව ඔබ සහ ඔබගේ මිත්‍ර මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් දෙදෙනා වන මිත්‍රපාල සහ සිරිපාල විසින් අධික ලාභ ලැබීමේ චේතනාවෙන් කිරි සම්බා සඟවා රටේ නැති කිරි සම්බා හිඟයක් මවා පෑම නිසා බව නොදන්නේ කවුද? මේ ගොල්ලන්ට හොඳ පාඩමක් උගන්වන්න හැමෝම කීරි සම්බා වසරක් තුළ කන එක නතර කරන්න. මේ මහාපරිමාණ සහල් වෙළෙන්දන් 3 දෙනාගේ නිෂ්පාදන වර්ජනය කරන එකත් මේකට එක විසදුමක්... මේ මාෆියා කාරයින්ට ඔබ කන බත් පතේ සහල් මිල නියම කරන්න ඉඩ දීලා උඩ බලාගෙන ඉන්න එපා... අර බිත්තර වලට ගත්ත වගේ දැඩි පියවරක් රටේ ජනතාව එකතුවෙලා ගතහොත් මේ ගොල්ල මට්ටු කරගන්න පුළුවන් නැතිනම් හැමදාම මේ ගොල්ලගේ වහල්ලු වගේ ජීවත් වෙන්න තමා අපට වෙන්නේ.., එදා බිත්තර වර්ජනය නොකළා නම් අද බිත්තරේට රුපියල් 60 කට වැඩි මිලක් ගෙවන්න අපට සිදු වෙනවා...
ඔබතුමන්ලා ප්‍රශ්න ඇතිකර මුදල් හම්බ කරන්න උත්සාහ දරනවා මිස විසදුම් සෙවීමට නොවෙයි. හරියට මීට වසරකට පෙර ඔබතුමත් එකතු වෙලා නොවේද පාලන මිල නියම කර ගත්තේ...
ඔබතුමාගේ ෆැක්ටරි එකෙන් කිලෝ ලක්ෂ ගණනින් අපනයන කරුවන්ට කීරි සම්බා දෛනිකව විකුණන එක අපි දන්නවා. ඒකත් ඉතා ඉහළ මිලකට විකුණන බව අපි. හැමෝම දන්නා රහසක්...
අහවල් එකටද කීරි සම්බා, කිසි ගුණයකුත් නෑ.