අජිත්ලාල් ශාන්තඋදය
කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී. කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට අවසර නොදෙමින් නිකුත් කළ 24/2018 දරණ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයට සංශෝධනයක් එක්කරමින් පෙබරවාරියේ සිට නිකුත් කළ 24/2018 (සංශෝධන) චක්රලේඛයෙන් එකී අවසරය ලබාදී ඇත.
ඒ අනුව මුල් චක්‍රලේඛයේ 9 වැනි වගන්තියේ කොන්දේසිය මගින් සඳහන් කර තිබූ ‘සාර්ථක ලෙස වගා කළ හැකි කුඹුරු ඉඩම් සඳහා මේ යටතේ යන අවසර ලබාදීම සිදු නොකළ යුතුය යන්න සාර්ථක ලෙස වගා කළ හැකි කුඹුරු ඉඩම් සඳහා යාන්ත්‍රිකව පතල් කැනීමට අවසර ලබාදීම සිදුකරන්නේ නම් එම කාර්ය නිසා අවට ඇති කුඹුරු ඉඩම්වල වගා කටයුතු වලට බාධාවක් සිදු නොවන බවට කේෂ්ත්‍ර පරීක්ෂණයක් මගින් තහවුරු කරගත යුතුය යන්න ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඩබ්.එම්. එම්.බී. වීරසේකර මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සංශෝධන කර ඇත.
මේ නියෝගයත් සමඟ රජයේ පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩසටහනට කණකොකා හඬනු ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.
රත්නපුර දිස්ත්‍රික්කයේ කුඹුරු පුරන්වීමට ප්‍රධාන හේතුව යාන්ත්‍රික මැණික් කැනීම හෙවත් බැකෝ යන්ත්‍ර යොදා පතල් කැපීම විය. රත්නපුර දිසාවේ කූඹුරු අක්කර 50052කින් අක්කර 1644ක් යළි කිසිදා වගා කළ නොහැකි කූඹුරු බවට පත්ව ඇති බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 8745ක් බවට හඳුනාගෙන ඇති අතර ඒ පුරන් කුඹුරු යළි අස්වැද්දීමට ගොවීන් උනන්දු වෙද්දී කුඹුරුවලට විනාශය ගෙනා බැකෝ ඇතුලූ යන්ත්‍ර යොදා මැණික් ගැරීමට අවසර දීමෙන් ගැටලූ රැසක් මතුව ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.
මෙම පුරන් කුඹුරුවලින් 2017/18 යළ මහ කන්න දෙකේ වලා කර තිබුණේ අක්කර 2949කි. වගානොකළ පුරන්ව ඇති වගාකළ හැකි අක්කර 4152ක් 2019 යල් කන්නයේ අස්වැද්දීමට අපේක්ෂිත තිබුණ ද යළිත් වරක් කුඹුරුවල බැකෝ පතල් කැපීමට අවසර ලබාදීමෙන් එම වැඩපිළිවෙළ අසාර්ථක වනු ඇති බව ගොවි සංවිධාන නියෝජිතයෝ අවධාරණය කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්බා දියේ දැම්ම වගේ තියෙයි. කඳු ටික කපලා ඉවරයි දැන්, කුඹුරු ටිකත් යටින් දෝනා ගහලා සෙල්ලමක් දැම්මහම එ්කත් ඉවරයි. සොබාදහමෙන් නිකන් ලැබුණු දේ අනාගතය ගැන හිතන්නේ නැතිව විනාශ කරන පල් හොරු රැලක් ඉන්නේ ලංකාවේ..
ඇමතිතුමාගේ නියෝගයක්ද?
යාන්ත්‍රිකව පතල් කැපීම මගින් කුඹුරු පාලුවීමට අමතරව උස්බිම් ආශ්‍රිතව ජල උල්පත් සිඳීයාම සිදුවන බව මම දැකල තියෙනවා. එසේම සාර්ථකව වගාකළ හැකි කුඹුරු සඳහා අවසර නොදුන්විට වගාකරන ගොවීන්ට අසාර්ථකවත් කුඹුරු වගාකරන්න පුලුවන් වෙනවා. තවත් දෙයක් යාන්ත්‍රිකව පතල් කැපීම කරන්නේ ඉතාම ධනවත් සුලු පිරිසක් නිසා විශාල පිරිසකට රැකියා නැතිවෙනවා. එනිසා සුලු මැණික් ව්‍යාපාරිකයින්ටත්, ඔවුන්ගේ දරුපවුල් වලටත් ජීවන ගැටලු ඇතිවෙනවා. චක්‍රලේඛවලට එම ගැටලු විසඳිය නොහැකිය...
රත්නපුරයේ වේවා වෙන කොහේ හෝ වේවා ලංකාවේ කුඹුරුපුරන් වෙන්නේ පතල් කපන හින්දා නොවේ. කුඹුරු වැඩ කරන්න මිනිස්සු හොයා ගන්න බැරි නිසාත්, අනෙක් අතට සාම්ප්‍රදායිකව කුඹුරු කරපු අයට එමඟින් ජීවිකාව ගෙනයාම අවදානම් නිසාත්... අනෙක් අතට පතල් කපන්නේ ඉල්ලම් හොයාගන්න පුළුවන් නම්. එහෙම නැතුව දකින දකින කුඹුරේ පතල් කපන්නේ නෑ...
ඇත්තටම මොවුන් ඔක්කොම කුඩු ගහලද..? මම ජනාධිපති වුණොත් මේ නිලධාරීන්ගේ පස්සට පයින් ගහලා ගෙදර යවනවා.
ගොවියත් කුඹුරත් අවසන් වෙන යුගයක්...
අනාගත පරපුරට ගොවියෝ කුඹුරු කියන දේවල් දෝශයෙන් නොදකින්න. ජනප්‍රවාද කතාවක් වෙයි.
රටෙන් බත්පතක් ආනයනය කරන්න අයවැයෙන් මුදල් වෙන්කරන්න.
පළාත් / දිස්ත්‍රික්ක මට්ටමෙන් ගතයුතු ප්‍රතිපත්තමය තීරණ මධ්‍යම රජයකින් ගත්තාම වෙන අකරතැබ්බයකට හොඳ උදාහරණයක්. පැවති නීතිය නිසා වියලි කලාපයේ කුඹුරුවල වගා ලිං තැනීමට බැකෝ යොදාගැනීම නිති විරෝධී කටයුත්තක් වෙලා තිබුනේ. සල්ලි තියෙන ගොවියෝ නීතිය ඉවත දාලා වගා ලිං හාරාගත්තත්, නැතී අයට ලිං හැරීමට ණය මුදල් සහනාධාර අනුමත කිරීමට ඔය නීතිය හරස්වුනා. ඒ් නිසයි ඕක වෙනස් කරේ. නමුත් දැන් රත්නපුරේදී ඒක අවුලක් වෙනවා.
දැන් කට්ටිය වැඩ පටන් ගෙන ඇති නායකයා අවදි වෙනකොට මැණික් ටික ගොඩදල විකුණලත් තියේවි. ඕක ගොඩ දවසක් තියෙන්නේ නැහැ සුදානම් වෙලා ඉන්න අයගේ වැඩේ ඉවර වෙනකම් විතරයි
හැම වෙලේම මැණික් නැහැ. කලබල වෙලා
මේක මහා පරාක්‍රම රජතුමාගෙන් පස්සේ වෙන මහා වී සංග්‍රාමය බව දන්නේ නැද්ද?
මම මේ සම්බන්ධව සමීක්ෂණයක් සිදු කරනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මේ සම්බන්ධව පවතින දත්ත ලබාදීමට පුළුවන්ද?