ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට කැමැති වුවත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට තමන් කැමැති නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය.
“ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව වගේම කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම ද දුෂ්කර එකක්. අනවශ්‍ය ලෙස කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි නොකළ යුතුයි. එය තමයි මගේ මතය” යැයි ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මාර්ගයෙන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමරත්න මහතා එම කරුණු සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එහිදි මෙසේ ද සඳහන් කළේය.
“ එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වෘත්තියෙන් හෝ ව්‍යාපාරවලින් ඉවත් විය යුතුයි.
ඔබ කැබිනට් අමාත්‍යවරයෙක් නම් ඔබ ව්‍යාපාරවලින් සහ ඔබේ වෘත්තියෙන් ඉවත් විය යුතුයි. එයයි මගේ මතය. ඒ වගේම ස්වාධීන විය යුතුයි. සමාජයේ බොහෝ අංශවල තීරණ ගැනීමට අපි සම්බන්ධ වෙලා සිටිනවා. ඒ නිසා ස්වාධීන විය යුතුයි” යැයි ද හෙතෙම කීවේය.
රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක, එම්.ඒ. සුමන්තිරන් සහ තාරක බාලසූරිය යන මහත්වරු ඊයේ (28) එසේ සිය වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කළහ.
ඩේලි එෆ්.ටී. ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යෝධයට වයර් මාරුවෙලා... අපි නම් කියන්නේ ගවයන් 225 ම ඇමතියෝ වෙයව්,.. අගමැතියෝ වෙයව්, ජනාධිපතියෝ වෙයව් කියලා... මොකද නැත්නම් මේ හැතිකරේ අඩාගත්ත ගමන්මයි ඉන්නේ මට අරක නැහැ. මට මේක නැහැ. මට ලොතරැයිය ඕනෙමයි, මට මුදල් ඇමති වෙන්න ඕනෙමයි.. ඉතින් මේ හිඟන අඳෝනා අහලා අපේ හැමදවසම මස්තබාල්දු කර ගන්නවට වඩා ඔය පෙරේතයන් ඔක්කෝටම ඉල්ලන හැමදේම දීලා දාමු. එමෙන්ම 225ක්වූ ගවරෑනට අලුතෙන්ම හොඳම වාහනත් ගෙනත් දෙමු.. එතකොටවත් අඩවැඩියාව නවතියිනේ..
ජනතාවට නම් ඕක තිබුණත් නෑ වගේ පේන්නේ... කලකිරිලා එපාවෙලා..
හපෝ එහෙම කරන්න එපා, එතකොට මේ විශාල රට පාලනය කරගන්න බැරුව අරාජික වෙලා යනවා, ඉන්න ඇමතිලත් අපට සේවය කරන්න කොපමණ වෙහෙස මහන්සිවෙනවද කියල ඔවුන්ගේ ප්‍රාඩෝ පාරේ යන විදිහෙන් පෙනෙනවා, සමහරුන්ට මානසික ආතතිය දරාගන්න බැරුව කොකේන් ගහනවා, සමහරු අමතක වීමේ රෝගයෙන් පෙළෙනවා, ඔවුන් දන්නේ නැහැ ඔවුන් ජීවත්වෙන ගෙදර කාගේදවත් කියලා. මේ ඊයේ පෙරේද එක්කෙනෙක් කියනවා එයා ගෙදර බැංකුවට ඇපයට තියල සල්ලි ගත්තු වගක් දන්නේ නැහැ කියලා, මේවා ඔක්කොම සිද් ධවෙලා තිබෙන්නේ ජනතාවට සේවය කරන්න ගිහිල්ලා, තව ඇමතිවරු වැඩි කරන්න නැත්නම් මේ ඉන්න කට්ටියට වැඩ වැඩිවෙලා , මානසික ආතතිය දරුණු වෙලා සියදිවි නසාගන්න වුනත් පුළුවන්.
ඇමති මණ්ඩලයේ උතුමා ව්‍යාපාර කිරීම සදාචාර සම්පන්නද?
සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ක්‍රියාව අගයකරමු. ලංකාවේ දේශපාලනය සහ ශ්‍රී ලංකාව නව මාවතකට යොමු කරවීමට ඔබවැනි උගත් බුද්ධිමත් දේශපාලකයන්ගේ ප්‍රබල කැපවීමක් අවශ්‍යවේ. ඔබගේ ක්‍රියාව ලෝකයේ දියුණු රටවල සිටින දේශපාලකයන් හට අනිවාර්යයෙන්ම කළයුතු දෙයකි. දේශපාලකයට සහ රජයේ නිලධාරීන්ට ඔවුන්ගේ වත්කම් බැරකම් "the Conflict of Interest Commissioner " වෙත ලබාදිය යුතුය. දේශපාලනයට පැමිණි පසු වෙනත් ව්‍යාපාර කිරීමට නොහැකිය. තම පවුලේ "IMMEDIATE FAMILY MEMBER " කෙනෙකුට හෝ කුමන හෝ ආකාරයකින් ඔවුන්ගේ තනතුරේ බලය සහ සම්බන්ධතා යොදවා උදව් කිරීම හෝ උපදෙස් දීම සපුරා තහනම්ය. දේශපාලකයාට සහ රජයේ නිලධාරීන්ට විදේශ සංචාර හෝ වෙනත් මුදල් හෝ වෙනත් තෑගිබෝග ලබාගැනීම සඳහා" Office of the Conflict of Interest and Ethics Commissioner " ගෙන් අවසර ලබාගත යුතුය. ඔබ වැනි අවංක ප්‍රතිපත්තිගරුක කැපවීමෙන් සේවයකරන උගත් දක්ෂයන් 5 දෙනෙකු සිටිනම් ලංකාවට ඉක්මණින් දියුණු කිරීමට අගමැතිවරයාට අපහසු නොවනු ඇත.
උගත්, අවංක, මධ්‍යම පාන්තික, මැර බලය නොමැති, දේශපාලන පවුල් පසුබිමක් නොමැති කෙනෙක් මේ පවතින ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තු යන්නේ කොහොමද? අර ඉස්සර (77ට පෙර) තිබුණු කොට්ටාශ ක්‍රමය නැවත ගෙනාවොත් නම් පුළුවන්... මේ තියෙන ක්‍රමයට පාර්ලිමේන්තු යන්නේ මදුෂ්, රත්තරන්ලා, එතනෝල්කාරයෝ, කුඩු නිමල්ල වැනි පුද්ගලයන්, ඉබ්බන්ගෙන් පිහාටු බලාපොරොත්තු වෙන්න බැහැනේ නේද?
ඔය 225 අතරින් ටිකක් හරි මම ගෞරව කරන එක්කෙනෙක් තමය් ඉරාන් වික්‍රමරත්න ඇමතිවරයා. ඔබේ නිවැරදි අදහස් ප්රකාශනයට ස්තුතියි.
ජනතාවට නම් කැබිනට්ටුව කියන කොට නම් ඔක්කාරේ තමයි.
අන්න ජපානෙ විනාඩියට වාහන 2ක් නිෂ්පාදනය කරනවලු. අපේ රටට දෙයියන්ගේම පිහිටයි.
ජනතාව හිතුවේ දැන්වත් රට දියුණු කරයි කියලා..
ඕවා කරනවා නෙමෙයි. රටට සේවය කරපු ගොවියන්ගේ විශ්‍රාම වැටුප වැඩි කරන්න කන්න දෙන විශ්‍රාම වැටුප රුපියල් 1200 යි. මන්ත්‍රීලගේ අතුරුපස කන්නත් මදි.