( තිළිණි ද සිල්වා)
මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීම සඳහා සිදු කරන පාංශු පරීක්ෂණ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සඳහන් කර සිටී.
එම වැඩසටහන අම්පාර දිස්ත්රිකකයෙන් ආරම්භ කරන බව එහි අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පැවසීය.
කාබනික පොහොර භාවිතය පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරිම සදහා කෘෂි පර්යේෂණ නිලධාරින් පුහුණු කිරීම ද මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කීය.
මහ කන්නයේ පොහොර නිකුත් කිරීමට පෙර වගා බිම් ආශ්‍රිතව පාංශූ පරීක්ෂාව සිදු කීරිමට තීරණය කර ඇති අතර පරීක්ෂාවට ලක් කෙරෙන වගා බිම් හිමි ගොවීන් සඳහා පොහොර ලබා ගැනීමේ කාඩ්පතක් නිකුත් කිරීමට ද, පියවර ගන්නා බවද කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා
ඔය ඔක්කොම මගුල් කරලා ඉවර වෙනකොට ගොවියන්ට යන එන මන් නැති වෙලා තියේවි
බොරුව සහ පූචානම . සර් ෆේල්ම තමා. රටම කනවා . ගොවිබිම් වනසනවා
ඒ කියන්නේ ගොම පොහොර ගන්නත් සීතල කාමර වල ඉන්න ටයි කෝට් කාරයෝ පස්සේ යන්න වෙයි වගේ ?
පස පරීක්ෂා කරයි කාඩ් පත් නිකුත් කරයි ,කාබනික පොහොරත් නැත ,රසායනික පොහොරත් නැත .කතාව විතරයි වැඩ නැත .ගොවීන් අසරණයි .රටම අනාථයි
කුඩා තෙවතු හිමියන් සදහා ඔවුන්ගේ ඉඩම් තුල කබනික පොහොර නිපදවා ගැනීමට අනුග්‍රහය හා උපදෙස් දෙන්න
වර්ෂා කාලයට කාබනික පොහොර, අර්තාපල් වැනි එළවළු බෝගවලට යෙදිය හැකිද? කාබනික හා රසායනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කටයුතු කිරීම ප්‍රායෝගිකයි...
පස පරීක්ෂා කළාට කාබනික පොහොර හැම එකක්ම එක වගේද? ඒකට ප්‍රමිතියකින් දෙන්න පුළුවන්ද?