
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරි සැක කටයුතු ලෙස මියගිය කපිල චන්ද්‍රසේන සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්ශ කුලරත්න මහතාට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥ උදාහරණ මොහන්දිරන් මහතාට ලබන 5දින අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි ලබාදෙන්නැයි නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද සිතාසි නිකුත් කළේය.
හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි නිවෙසේ කාමරයක ගෙල වැලලාගෙන සැක කටයුතු අන්දමින් මියගොස් සිටි බව කියන සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.
කපිල චන්ද්‍රසේන සැකකරුගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බැවින් ඇප තැබීම සම්බන්ධයෙන් උද්ගත ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් නීතිඥවරුන්ගෙන් සාක්ෂි කැඳවීම සිදුකරන බවත්, සාක්ෂි කැඳවීමේදී, වෘත්තීමය රහස්‍ය භාවය ආරක්ෂා කර ගැනීමේ අයිතිය නීතිඥවරුන්ට ඇති බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.
අධිකරණය හමුවේ සාක්ෂි ලබාදීමට නීතිඥවරුන් කැඳවිය හැකි බවට ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා නීතිඥවරුන් එසේ සාක්ෂි ලබාදීමේදී සිය සේවා දායකයින්ට ලබා දුන් අවවාද , සේවා දායකයින් විසින් අනාවරණය කරන ලද කරුණු වල රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමේ අයිතිය ඇති බවද පෙන්වා දුන්නේය.
සාක්ෂිකාර නීතිඥවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් නීතිඥ ලක්ෂාන් අබේවර්ධන අධිකරණයේ පෙනී සිටියේය.
මහේස්ත්‍රාත්වරයා පිටු නමයකින් යුතු නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 370/ 5 වගන්තිය ප්‍රකාරව සාක්ෂිකරුවන්ට සිතාසී නිකුත් කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd