(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )
අගලවත්ත , යටියන , කනත්ත පාරේ පිහිටි " කළු කම්බිලි " දේවාලයට පැමිණි දෙදෙනෙකු දේවාලයේ කපුවා හා බිරිඳ බැඳ දමා කපුවා පැළඳ සිටි රන් මාල 22 ක් හා දේව රූපයට පළඳවා තිබූ රන් මාල 10 ක් ඇතුළු රුපියල් කෝටි 1 1/2 ක් පමණ වටිනා ස්වර්ණාභරණ කොල්ල කා පළා යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව මතුගම පොලිසිය කියයි.
දේවාලයේ කපුවාගේ බිරිඳ වන ඕවිටිගල විතානගේ ඇග්නස් යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරික්ෂණ ආරම්භ කොට තිබේ.
තම ස්වාමි පුරුෂයා නිවස අසල " කළු කම්බිලි " දේවාලයක් පවත්වාගෙන යන බවත් , ඉකුත් 21 වැනිදා උදේ 10.30 ට පමණ ස්වාමි පුරුෂයා දේවාලයේ වැඩ සඳහා දේවාලය තුලට ගිය බවත් ,තමා 12.30 ට පමණ ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන මතුගම නගරයට ගොස් 1.00 ට පමණ ආපසු පැමිණෙන විට කලවාන ප්‍රදේශයේ සිට පැමිණි අයෙකු දේවාලය තුල සිටි බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්වේ .
පසුගිය 21 දා පස්වරු 2.00 ට පමණ යතුරු පැදියකින් දේවාලයට දෙදෙනෙකු පැමිණ සිටි බවත් ඉන් එක් අයෙකු බුලත් කොළ කීපයක් අත තබාගෙන ඔවුන් පැමිණි යතුරු පැදියේ වාඩිවී සිටි අතර අනෙක් පුද්ගලයා වැරැන්ඩාවේ පුටුවක වාඩිවී සිටි බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ.
තමා නිවසේ සාලයේ සිටියදී එම පුද්ගලයින් දෙදෙනා නිවස තුලට පැමිණ තම මුඛය ප්ලාස්ටරයකින් වසා අත් කකුල් ගැට ගසා ඇඟිල්ලේ තිබූ පවුම් 1/2 ට ආසන්න මුදු දෙක ගලවාගෙන දොර වසා පිටව ගිය බවද ඇය පොලිසියට ප්‍රකාශ කර ඇත.
විනාඩි 25 කට පමණ පසු තමා ගැට ලිහාගෙන නිවසින් පිටතට පැමිණ බලන විට දේවාලය තුල සිටි ස්වාමි පුරුෂයාට ඔවුන් පහරදී ගැට ගසා පිහියක් පෙන්වා බිය ගන්වා ඔහු පැළඳ සිටි පවුම් 01 කට ආසන්න බරින් යුතු රන් මාල 22 ක්ද ,ඇඟිල්ලේ තිබූ පවුම් 3/4 ක් පමණ බර මුදුවද දේව රූපයට පළඳවා තිබූ පවුම් 01 කට ආසන්න බරින් යුතු රන් මාල 10 ක්ද කොල්ල කා පළා ගොස් තිබූ බවද ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ වෙන වැඩකට පොඩ්ඩක් එළියට යන්න ඇති. නැත්තම් හොරු මෙලහට කූඩුවේ.
මේ කාලේ දෙවියෝ වුනත් රත්තරන් පලඳින කොට ප්‍රවේශම් විය යුතුයි..
මාල 22 ම බර තියෙන්නේ පවුම් 01 ද මාල් 10ම් බර තියෙන්නේ පවුම් 01ද? එහෙනම් වටිනාකම කෝටි 1 1/2ක් වෙන්නේ කොහොමද..?
දෙවියෝ නෑ කියල තේරෙනවා නේද? කපුවා බේරගන්න බැරි දෙයියෝ කොහොමද උදව් ඉල්ලන මිනිස්සුන්ට පිහිට වෙන්නේ...?
කපුවට මිනිහගේ අම්මගෙන් තමයි පේන අහන්න වෙන්නේ... හොරා කවුද කියලා බලන්න.