
(තිලකරත්න දිසානායක)
කොළඹ - මහනුවර මාර්ගයේ, ගම්පහ මිරිස්වත්ත නගර මධ්‍යයේ මාර්ගය හරහා අධිබලැති විදුලි රැහැන් කණුවක් සහිත විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමන්ගත් මෝටර්රථයකටද හානි වී එහි ගමන් කළ කිහිපදෙනකු රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි.
උදෑසන 7 ට පමණ එක්වරම මෙම විදුලි රැහැන් කණුව ඇද වැටී ඇත. තුවාල ලැබු පිරිස ගම්පහ රෝහලට ඇතුළු කර ඇතැයි කියයි.
මේ වනවිට කොළඹ - මහනුවර මාර්ගයේ මිරිස්වත්ත, බැලුම්මහර, යක්කල වැනි නගරවල දැඩි වාහන තදබදයක් පවතන අතර එක් මහනුවර දෙසට තීරුව මිරිස්වත්ත නගරයෙන් වසා දැමීමට පොලීසිය පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd