
(සුමන උදයන්ත)
සිය ඉල්ලීම් සඳහා රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙට (02) සිට තීර්ව කිරීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රබාත් සුගතදාස මහතා පැවසීය.
ඒ අනුව දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියා මාර්ග 05 අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පැවසීය.
ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් සිදුකරන ආවරණ රාජකාරිවලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිටින විශේෂඥ වෛද්‍යවරුන් හෙට පෙරවරු 08.00 ඉවත් වන බව සභාපතිවරයා පැවසීය.
ඒ අනුව එම විශේෂඥ වෛද්‍යවරුන් අනියුක්ත කර රෝහලේ පමණක් රාජකාරි කිරීමට නියමිතයි. ඒ අනුව දිවයිනපුරා ඒකක 164 කටයුතු අකර්මණ්‍ය වෙයි.
ඒ තුලින් රෝගී සත්කාර කටයුතු බිදවැටෙන බව සභාපතිවරයා පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්රයේ මෙවැනි බරපතළ තත්වයක් තිබියදී සෞඛ්‍ය අමාත්‍යවරයා සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ පිළිබඳ කනගාටුවන බව පැවසීය.
මේ අතර වෛද්‍යවරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට රෝහල් පද්ධතිය තුළ සේවය කිරීමට අවශ්‍ය පහසුකම් රෝහල් පද්ධතිය තුල නොමැත.
ඒ අනුව ඖෂධ ,ඇතැම් ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ සහ අවශ්‍ය මානව සම්පත් රෝහල් පද්ධතිය තුළ නොමැති වීම විශාල ගැටලුවක් බව පැවසීය.
මෙම තත්වය හේතුවෙන් අවසානයේ රෝගීන් පීඩාවට පත්වෙයි.
එලෙස පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රමුඛ ආණ්ඩුව අවධානය යොමුකර නොමැති බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd