(ටී.කේ.ජී.කපිල )

ඊජිප්තුවේ පැවති 53 වන " මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් " ( Miss Intercontinental ) රූ රැජින තරගාවලියේ දී , ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හිමි වූ " ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි " ( Strenth and Harmony ) සම්මානය දිනා ගත් හංසනා බාලසූරිය මෙනෙවිය අද අලුයම දිවයිනට පැමිණෙියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 56 ක් නියෝජනය කරමින් රූ රැජිනියන් සහභාගී වී සිටි අතර , එම තරගාවලිය ඉකුත් 14 දින සිට 29 දින දක්වා ඊජිප්තුවේ ෂහාල් හෂීෂ් නුවර පවත්වා තිබුණි .

එහිදී හංසනා බාලසූරිය මෙනවිය සතු ගායන කුසළතා , චිත්‍ර නිර්මාණ කුසළතා , මෙන්ම ඇය කරාටේ කලු පටි තුන් වන ශ්‍රේණියේ ක්‍රීඩිකාක් වීම සහ තායි මූයි තායි බොක්සිං ක්‍රීඩිකාවක වීමත් ඇගැයීමට ලක් කළ මෙම තරගාවලියේ විනිශ්චය මණ්ඩලය , ඇයට මෙම සම්මානය පිරිනැමීමට හේතු වී තිබුණි .