
(අංජුල මහික වීරරත්න)
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ත් දක්වා ඉහල නැංවීම ගැන යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ අදාළ කාරණය සම්බන්ධයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා කළ ප්‍රකාශය ගැන අදහස් දක්වමිනි.
පාසල් අධ්‍යාපනය අතරමග හැර ගිය හෝ උසස් පෙළින් පස්සේ පාසල් අධ්‍යාපනය නැවැත්වූ අය සහ සමහර අයට වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව සහ වෘත්තිය පුහුණුවක් ලබා දීම සම්බන්ධව විවිධ පුද්ගලයින්ගෙන්, ආයතනවලින් යෝජනා පැමිණ ඇතැයි ද එම සමහර යෝජනා ක්‍රියාත්මක වෙන නමුත් ත්‍රීරෝද රථ පැදවීමේ වයස් සීමාව ගැන සලකා බලා නැතැයි අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd