
(නිමල කොඩිතුවක්කු)
යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් රජය මේ වනවිට වී මෙට්‍රික් ටොන් 45362 ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ සඳහා රුපියල් මිලියන 5471 ක් රජය යොදවා ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(25)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රජයේ බලාපොරොත්තුව වූයේ වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීම වුවත් එම ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවද ජයතිස්ස මහතා කීවේය.
වී මිලදී ගැනීම සඳහා රජය බිලියන 6 ක් වෙන්කර ඇති බවත් මෙයට අමතරව ඔඩපණ ණය ලෙස රුපියල් බිලියන 10ක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd