
(රෝෂන් තුෂාර)
ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ හා මහේෂ් ලසන්ත ගම්මන්පිල සැකකරුවන්ට එරෙහි විමර්ශනය අවසන් කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද පැවසීය.
සිර දඬුවම් විඳින මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඇප මත සිටින දෙවැනි සැකකරු අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව කරුණු දැක්වූ අල්ලස් කොමිසම එසේ පැවසීය.
අල්ලස් කොමිසම වැඩිදුර කරුණු දක්වමින් කියා සිටියේ විමර්ශන අවසන් කර උදෘත අල්ලස් කොමිස මේ නීති අංශයට යොමු කර ඇති බවය. අධි චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන බවද පැවසීය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 4 පැමිණිල්ල යළි කැඳවීම ට දින නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd