
( ශාන්ත චන්ද්‍රසිරි)
කඳපොල නගරයේ සිට කොන්කෝඩියා වතුයාය හරහා රාගල දක්වා දිවෙන මාර්ගය කොන්කෝඩියා වතු ප්‍රදේශයේදී නායයාමකට ලක්වීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු අද (18) සිට සම්පුර්ණයෙන් නවතා දමා ඇතැයි කඳපොල පොලීසිය පවසයි.
පවතින අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගයේ විශාල කොටසක් නායයාමකට ලක්ව පවතින බවත්, එම මාර්ගය භාවිතා කරනු ලබන පිරිස් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කිරීමට පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ නිමල් බණ්ඩාර මහතා රථ වාහන රියදුරන්ගෙන් හා ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.
වතු හා ගම්මාන රැසක ජනතාව හා කෘෂිකර්මාන්තයේ යෙදී සිටින විශාල පිරිසක් දෛනිකව මෙම මාර්ගය භාවිතා කරනු ලැබු බවත්, මේ හේතුවෙන් එම පිරිස් දැඩි දුෂ්කතරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටින බව කොන්කෝඩියා වත්තේ වතු කම්කරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd