(නිමල් ජයරත්න)
පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම කඳවුරේ සේවය කළ යුද හමුදා සෙබළුන් දෙදනකු සහ ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අද (1) සැකපිට අත්අඩංගුවට ගත්බව වැලිකන්ද පොලිසිය කියයි.
ඉකුත් (29) දින කන්දකාඩු කඳවුරේ රැදවියකු සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කඳවුරේ රැඳවියෝ යුද හමුදාව සමග කලහකාරී ලෙස හැසිරැණු අතර එහිදී අවස්ථා දෙකකදී රැඳවියන් 647 දෙනකු සෝමාවතී රක්ෂිතයට පැන ගොස් සිටි අතර යුදහමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී රැඳවියෝ රැසක් අත්අඩංගුවට පත්වූහ.
පලාගිය රැඳවියෝ අතරින් 126 කට ආසන්න රැඳවියන් පිරිසක් අතුරැදන්ව සිටින බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට (2) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කන්දකාඩු සිද්ධිය: යුද-ගුවන් සෙබළු 4 ක් අත්අඩංගුවට
Lalith M Saturday, 02 July 2022 11:31 AM
දැන්වත් නවතමු.. මේ අය මිනීමරුවන් වෙලා.
Asanka Saturday, 02 July 2022 12:14 PM
හමුදා ඇඳුමේ බලයට මිනීමරන්න එපා. දැන් ඔබලාත්, ඒ අයත් වෙනසක් නැහැ. හැමෝම අද හෙට කන්න නැතිව මැරෙන්න යන මිනිස්සු.