(ඉන්දිකා රාමනායක)
වැලිකන්ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පසුගියදා ඇති වු සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කරන බව එම කොමිසම් ආරංචි මාර්ග පවසයි.
එහි සභාපතිනි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රොහිණි මාරසිංහ මහත්මියගේ උපදෙස් මත ,එහි නියෝජිතයන් පිරිසක් එහි තත්ත්වය සොයා බැලීම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට ගොස් ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.
අදාල කණ්ඩායම එහි ගොස් විමර්ශන සිදුකර ලබා දෙන වාර්තාව අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන විමර්ශනයක් පවත්වන බවද කොමිසම් ආරංචි මාර්ග පවසයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නේවාසිකයකු පහර දීම හේතුවෙන් මියයාමේ සිද්ධියක් මුල්කරගෙන ඉකුත් (27) දින එහි නොසන්සුන්තාවක් හටගත්තේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කන්දකාඩු බලන්න මානව හිමිකම් කොමිසම යයි