(ටි.එල්.ජවුෆර්ඛාන්)
තම පියා ඝාතනය කිරීමට රුපියල් පනස් දාහක කොන්ත්‍රාත්තුවක් ලබා දී පියා කපා කොටා ඝාතනය කළ පුතා ඇතුළු තවත් අයෙකු මඩකලපුව කරදියනාරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මඩකළපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන ඒකකය කියයි.
අවුරුදු 22 වයසැති මිය ගිය පුද්ගලයාගේ පුතා සහ අවුරුදු 21 වන ඔහුගේ මිතුරෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරක්කුලම් කුඩාවෙට්ටි වැල්යාය ආරක්ෂාව සඳහා ඉඳිකළ තිබු පැලක් තුළ කැපුම් තුවාල සමඟ සිටි 54 හැවිරිදි මෙම සිව්දරු පියාගේ මළසිරුර තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
ගොවියකු වන මොහු සමඟ ප්‍රතා නිතර ආරවුල් ඇති කරගන්නා බවත් පුතාගේ මුදල් ඉල්ලීම පියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙය සිදුවන්නට ඇතැයි පරීක්ෂණවලදී හෙලිවු තොරතුරු මත සැකකරන බව පොලීසිය කියයි.
ඒ අනුව කළ පරීක්ෂණවලින් හෙළිවූ කරුණු මත ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පුතු සහ මිතුරා අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය සදහා භාවිතා කළ පිහිය , ලණුව ,ගල යනාදී පොලිස් බාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මඩකලපුව දිස්ත්‍රික්ක අපරාධ විමර්ශන ඒකකය හා කරදියනාරු පොලීසිය සිදුකරයි.ඔවුන් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තාගේ කකුල් පලලා ලුණු දාපු රාජ පරම්පරාවෙනේ...!