(දසුන් රාජපක්ෂ)
කන්කසන්තුරය මුහුදු සීමාවේ මුහුද අභ්‍යන්තරයේ සඟවා තිබූ කේරල ගංජා කිලෝ 157ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව විසින් ආරම්භ කරනු ලැබ තිබෙන විශේෂ මෙහෙයුමක් අතරතුර මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග පවසයි.
කන්කසන්තුරය මුහුදු සීමාවේ මුහුද අභ්‍යන්තරයේ ස්ථාන කීපයක සූක්ෂම ලෙස තැන්පත් කර බෝයාවක් මගින් ස්ථානය සළකුණු කර මෙම කේරළ ගංජා තොගය සඟවා තිබී ඇත.
එම ස්ථානය පරීක්ෂා කිරීමේදී බෝයාව ආසන්නයේ තිබී ඊයේ (4) කේරළ ගංජා කිලෝ 44ක් සොයා ගෙන තිබෙන අතර එම ස්ථානය වැඩිදුරටත් සෝදිසි කිරීමේදී තවත් කේරළ ගංජා කිලෝ 113ක් සොයාගැනීමට හැකිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිරසයට ප්‍රතිකර්මයක් මේවායින් හොයාගන්න බැරිවෙයිද .