(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට තමා විරුද්ධ නැතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
කාබනික පොහොර ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයා සද්භාවයෙන් කරන කටයුත්තක් බව තමාට පෙනෙන්නේ යැයිද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ආගාමික විගාමික පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
යුද හමුදාවට පිළිගැනීම ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යැයි පැවසූ ෆොන්සේකා මහතා කවුරුන් හෝ හමුදාව විවේචනය කරනවාට තමා විරුද්ධ යැයිද ප්‍රකාශ කළේය.
මහවැලියෙන් පසු මේ රටට ඇඟට දැනෙන දෙයක් කලා නම් එය කළේ යුද්ධය අවසන් කළ හමුදාව යැයිද ඔහු කීවේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිවලට ඉහළ පිළිගැනීමක් හිමිවිය යුතු බවත් එම විශ්වවිද්‍යාලය කඩයක් බවට පත් කිරීම ප්‍රශ්නවලට උත්තරයක් නොවන බව හෙතෙම සඳහන් කළේය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තවත් දියුණු විය යුතු බව පැවසූ සරත් ෆොන්සේකා මහතා වැටුප් ඉල්ලා උද්ඝෝෂණ කරන ගුරුවරුන්ට අපහාස කිරීම තමා පිළිනොගන්නා බව ද ප්‍රකාශ කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම තත්ත්වයන් යටතේ කොතලාවල විතරක් නෙවෙයි, පෞද්ගලික විශ්ව විද්‍යාල රට පුරා ඇරෙන්න ඕනෑ.
කොයි දේටත් පුරුද්දට මෙන් විරුද්ධ වන විපක්ෂයේ ඉන්න බොහෝදෙනාට මෙතුමා ආදර්ශයක්....
මෙන්න කෙලින් කථාකරන මිනිහා...
මෙහි සඳහන් සියලු කාරණා ඇත්තටම හරි... ඒ සම්බන්ධයෙන් මෙතුමාට අපගේ ස්තුතිය...
තරහ මරහා අමතක කරලා ආණ්ඩුවට එක්වන්න. ඔබතුමාට පුලුවන් දවසින් දෙකෙන් රටේ සහ පොලිසියේ විනයක් ඇති කරන්න. දැන් ඉන්න ඇමැතිට ඒ රාජකාරිය කරන්න හැකියාවක් නැහැ.
අන්න එහෙම කෙලින් කතා කරන්න. එතකොට ඔබතුමාට ගරුත්වයත්, ඡන්දත් දෙකම හැමදාම තියේවි...!
නියමයි සර්... අපි ඔබට ගරු කරනවා.
අගය කළ යුතු කතාවක්... පුරුද්දට හැමදේම විවේචනය කරන මිනිස්සු රැළක් මැද තමන්ගේ මතය කෙලින් ප්‍රකාශ කරන එක තමයි විය යුත්තේ. මම හිතනවා විපක්ෂයට නායකත්වය දිය යුත්තේ මෙවැනි මිනිස්සු...
අනේ මන්දා ෆීල්ඩ් මාෂල්තුමෝ, ඔබතුමාත් අපේ ගෙදර උන්දැ වගේ වෙලාවකට හොඳට කතා කරනවා. ආයෙ ටික දවසක් ගියාට පස්සේ මේවා සේරම රුයිතෙට.. ඒත් ඉතින් හිත යටින් කැමැත්ත තියෙනවා.
මෙතන ප්රශ්නය කොතලාවල විශ්වවිද්‍යාලයක් කිරීම නොවෙයි. මේ පනතේ තිබෙන අනික් අඩුපාඩු.
වරදවා තේරුම් ගන්න එපා .එතුමා කිව්වෙ ආණ්ඩුව ගෙනා පනතේ අඩු පාඩු හදාගෙන සම්මත කල යුතු බවයි.
එතුමා සදහන් කලේ යම් යම් වෙනස් කිරිම් කරලා මෙම පනත ඉදිරියට ගෙනයා යුතු බවයි.
පක්ෂ භේධයකින් තොරව අගය කරන්න ඕනේ කියමනට.හැබැයි ගුරු වර්ජනය මේ වෙලාවේ හොඳ නැහැ කියල කිඋවනම් ගොඩාක් අගය කරනවා
ගරු කල යුතු මිනිසෙක්. එතුමාව හිරේ දාපු අයගේ වුනත් හොදක් කියන්න හැකියාවක් ඇති පුද්ගලයෙක්. මෙවැනි ගති රටේ තීරණ ගන්න නායකයන් තුල තිබෙනවා නම් පක්ෂ විපක්ෂ සැමගේ දක්ෂතා වලින් වැඩක් ගන්න පුලුවන්.
මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා..