
කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල විශ්වවිද්‍යාල පනතට එරෙහිව වීදි නාට්‍යයක් කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට දී අද සවස පැවැත්විණි.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය, නිදහස් අධ්‍යාපනය උදෙසා සිසුජන ව්‍යාපාරය සංවිධානය කරන ලද අත් පත්‍රිකා බෙදා දෙමින් මෙම වීදි නාට්‍යය පැවැත්විණි.
(ඡායාරුපය ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ලෙන් ගහනවා වගේ උගුර ලේ රහ වෙනතෙක් මොර දෙමින් කරනා උද්ඝෝෂණ, ව්‍යාපාර වලට වඩා, කලාව හා සන්නිවේදන විධික්රම යොදාගනිමින් මිනිස් මනසට කරුණු කාරණා පෙන්වා දී මහජන මතය වෙනස් කිරීමට වෙර දැරීම හොඳ දෙයක් බව පෙනේ. උද්ඝෝෂණ ව්‍යාපාර වලින් හා සටන් පාඨවලින් මහජන හදවත් පීඩාවට පත්වීම වෙනුවට, මෙවන් උත්සාහයන් මගින් මිනිස් මනසට කිසියම් රසවින්දනයක් හෝ ලැබිය හැකිය.
විකාර...!
අප රටට තව විශ්වවිද්‍යාල අවශ්‍යයි . 'කොතලාවල' 'ආරක්ෂක' යන වචන වල ප්‍රශ්නයක් තියෙන වගක් තමා මේ අයට තියෙනවා පෙනෙන්නේ .මොකද මිලිටරීකරණය සහ අඩු ලකුණු ලාභීන්ට විශ්ව විද්‍යාල වරම් ලැබෙනවා කියල. UGC යටතට ගන්නවා කිව්වත්, මේ ඉඩමේ අයිතිකරු කොතලාවල මහත්මය කිව්වත්, කොතලාවලගේ නම වෙනුවට ද සොයිසා කියල දානවා කිව්වත්, ආරක්ෂක කියන වචනේ හලලා දැම්මත් මෙවුන්ට ඕනේ නිකන් ඉගෙනගන්නවා මදිවට විශ්වවිද්‍යාල වරම් වැඩි ප්‍රමානයකට දෙන එක නවත්වන්න. පෙරේතයෝ. එහෙමනම්, කොතලාවල එක මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ කරන්න. ඇඩ්රිනලීන් වැඩි මේ වයසට මේකත් ඉතින් ගොන් ආතල් එකක් තමා. ඒත් අප විශ්ව විද්‍යාල ඉන්න කාලයේ ස්ටුඩන්ට් යුනියන් එකෙන් අපව ඉස්සරහට තල්ලුකරපු නිසා රබර් උණ්ඩ කාපු සමහර ඈයොන්ගේ පපුවල, අතපය වල තාම හිල් වෙච්ච පාරවල් තියෙනවා. හැබැයි යුනියන් එක මෙහෙයවපු ඈයෝ දැන් පාර්ලිමේන්තුවේ.
අද බහුතරයක් උපාධි ලබන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල වලින්. කොටින්ම ඇක්වයිනාස්, ICBI, NIBM, හරිත විශ්වවිද්‍යාලය, ඔය මොන නමින් හැදින්වුවත් මේ ඔක්කොම පෞද්ගලික විශ්ව විද්‍යාල. එහෙම එකේ හමුදා නිලධාරීන්ටත් උසස් අධ්‍යාපනයක් ලබාගන්න පුළුවන්, අර මම කිව්වා වගේ උඩ තියන විදේශීය විශ්ව විද්‍යාල වලට අපේ රටේ සල්ලි වියදම් කර කර පිටරටට යවන්නෙත් නැතිවෙන එකේ, මේ කොතලාවල විශ්ව විද්‍යාලේ තියන ප්‍රශ්නේ මොකක්ද? කොටින්ම මම MBA එක කෙරුවේ රුපියල් ලක්ෂ හතර හමාරක් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් කියන විශ්ව විද්‍යාලයට ලංකාවේ ඒජන්ත වරයෙක් හරහා ගෙවලා. ඉතින් ඔය වගේ ලංකාවේම අයිතිය තියන පෞද්ගලික විශ්ව විද්‍යාලයක් තිබුනානම් ඒ ඔක්කොම සල්ලි අපේ රටේම ඉතුරුවෙනවා නේද? මෙම බොරු විරෝධතාවයට මුලිකත්වය අරගෙන තියෙන්නේ අර නිර්මාල් දේවගිරි කියන NGO කාරයා . පොර කොහොමත්, කවදත් බලන්නේ අපේ රටට වින කටින්න. අර ත්‍රස්තවාදී යුද්ධය කාලේ මතකනේ කට්ටියටම එයාගේ හැසිරීම
ඔක්කොටම කලින් නිදහස් අධ්‍යාපනය බේරගන්න ඕන අන්තරේ ඉන්න රැලගෙන්... එක තැන පල්වෙන උසස් අධ්‍යාපනයක් සහ නිර්මාණශීලීත්වයක් නැති උගතුන් බිහි කරන සරසවි අපේ රටේ තියෙන්නෙ ඒකයි. ඉගෙන ගන්නෙත් නෑ. වෙනසක් කරන්න දෙන්නෙත් නෑ. එක්තරා විදිහක ත්රස්තවාදයක් තමයි ඒකත්...
ත්‍රස්තවාදයෙන් රට බේරගන්න හමුදා සාමාජිකයින් කරපු කැපකිරීම දැකපු එවුනුත් නින්දිත විදිහට හැසිරුණු එකේ 2009න් පස්සේ රට ලෝකය දැකපු අයගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා...
ජනාධිපතිතුමනි 20 සම්මත කර ගත්තේ මොකටද? ඉන් ප්‍රයෝජන ගන්න. මේ කාලකන්නි ජෙප්පන්ට ඇහුම්කන් දෙන්න එපා. මේ පනත කාලීන අවශ්‍යතාවයක්.