(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කළද තමා පක්ෂය ආරක්ෂා කර ගනිමින් බහුතරයේ හඬ වෙනුවෙන් පෙනීසිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකිර් මාකර් මහතා ලංකාදීපයට පැවසීය.
තමා පක්ෂයට හෝ පක්ෂ විනයට විරෝධී කිසිවක් නොකළ බවද, කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත්කරන්නට ඇත්තේ ‘එහෙයියෙක්’ නොවූ නිසා විය හැකි යැයිද ඒ මහතා කීය.
තමාට සැඟවුණු න්‍යාය පත්‍ර නොමැති හෙයින් තනතුරු අවශ්‍ය නැති බවද ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසීය.
ඒ මහතා මෙසේ ද කීවේය.
“එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද(30) පැවැත්වුණු මට ආරාධො ලැබුණේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයෙන් මා ඉවත්කළ බව දැනගන්නට ලැබුණේ ජනමාධ්‍ය ඔස්සේ සහ සමාජ මාධ්‍යවලින්. මම ඉවත්කිරීම ගැන පුදුමවන්නේ නැහැ. ඒත් කනගාටුවට පත්වෙනවා. පක්ෂයේ එකමුතුභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ ශක්තිමත්භාවය වෙනුවෙන් ඉකුත් කාලයේ මා දිගින් දිගටම පෙනී සිටියා. කවදාවත් එහෙයියෙක් වුණේ නැහැ” යැයිද හෙතෙම කියාසිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මිනිස්සු නැති එජාපය හරියට ඉඩෝරෙට අහුවුනා වගේ. ඔය පක්ෂයේ නායකකමටත් සුදුසයි මෙතුමා නම්.......වරප්‍රසාද, සල්ලි, තානාන්තර පස්සේ දුවපු මනුස්සයෙක් නෙවයි මෙතුමා. කොහොමත් ඔය පක්ෂයේ ඉන්න අයට මෙතුමාව දිරවන්නේ නැහැ.
මුලු රටේම ජනතාව අවංක දේශපාලයෙක් වන ඔබතුමා සමගයි.